අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මාරපනගේ කැකිල්ලේ තීන්දුව අහෝසියි..!

ජනපති ප්‍රකාශය බැඳුම්කර වාර්තාව එක්ක පරස්පරයි..!

රවී එජාප උපනායක..! (සුජිත් මංගල ද සිල්වා) හිටපු මුදල් සහ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ උපනායක ධූරය නොදැරිය යුතු බවට නිර්දේශ කරමින් තිලක් මාරපන කමිටුව නිකුත් කළ වාර්තාව…

රවී එජාප උපනායක..!

(සුජිත් මංගල ද සිල්වා)

හිටපු මුදල් සහ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ උපනායක ධූරය නොදැරිය යුතු බවට නිර්දේශ කරමින්  තිලක් මාරපන කමිටුව  නිකුත් කළ  වාර්තාව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය මගින්ම  අද (29) අහෝසි කෙරිණ.

එම කමිටු වාර්තාව මෙසේ අහෝසි කෙරුණේ මහ භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධියට අදාළව රවී කරුණානායක මහතා වැරදි කරුවකු කරනවා තබා ඔහුට විරුද්ධව මේ වන තුරු නඩුවක්වත් පැවරීමට චෝදනාකරුවන් අපොහොසත් වී සිටින තත්ත්වය හමුවේ තිලක් මාරපන වාර්තාව මගින් කර ඇති  නිර්දේශ පදනම් විරහිත සහ කල් ඉකුත් වී ඇති තත්ත්වයක් උදාවී තිබීම හේතුවෙනි.

දැන්වීම

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත මුලස්ථානයේදී අද (29)  රැස්විය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කර වාරතා කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින්ම පත් කරනු ලැබූ තිලක් මාරපන කමිටුව කියා සිටියේ,පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අයිතිකරුවන්ටම අයත් සමාගමක් වන වෝල්ට් ඇන්ට් රෝ පුද්ගලික සමාගම ගෙවන නිවාස බදු මුදල් නිසා, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අයථා ප්‍රතිලාභ ලැබූ බවට සිදු කළ නිගමනය අනුව ඔහුට විරුද්ධව අල්ලස් පනත හෝ  යම් නීතියක් යටතේ කටයුතු කළ යුතුද නැද්ද යන්න පිළබඳව  නීතිපතිවරයා සහ  අල්ලස් කොමිසම  නිගමනය කළ යුතු බවට බැඳුම්කර ගනු දෙනුවට අදාළව කරුණු විමර්ශනය කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇති නිසා, එම  කරුණු සලකා බැලීමෙන් අනතුරුව ඔහුට විරුද්ධව නඩු නොපැවරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා හෝ අල්ලස්  කොමිෂන් සභාව විසින්  අවසන් තීරණයක් ගන්නා තුරු  හෝ ඔහුට විරුද්ධව නඩු පැවරුවහොත්, එම නඩු කටයුතු අවසන් වන තෙක් ඔහු විසින් එක්සත් ජාතික පක්‍ෂයේ උප නායක තනතුරේ වගකීම් කිසිවක් නොදැරිය යුතු බවය.

කෙසේ නමුත් මේ වන තුරුත් තිලක් මාරපන කමිටුවේ නීති තර්ක සහ නිගමනයන් සාර්ථක වී නොමැති නිසාත් මේ සියලු චෝදනාවල දේශපාලන ඉලක්කය වී තිබෙන්නේ  එකසත් ජාතික පක්ෂයත්,අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ රවී කරුණානායක වැනි ඇමතිවරුනුත් බව මේ වන විට පැහැදිලිව ඔප්පු වී තිබෙන කෘත්‍යාධිකාරී මේ තීන්දුව ඒකමතිකව ගනු ලැබීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න