අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මාරක රිය අනතුරක් -පොලිස් නිළධාරියෙක් ජිවිතක්ෂයට

මාරක රිය අනතුරක් -පොලිස් නිළධාරියෙක් ජිවිතක්ෂයට

(නිලන්ති චන්ද්‍රසේන) ඊයේ (18) රාත්‍රී 11.00ට පමණ මහනුවර, යාපනය මාර්ගයේ මාතලේ, නිල්දියඋයන ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු මියගොස් තවත් පොලිස් නිලධාරියෙකු ඇතුළු පස් දෙනෙකු තුවාල ලබා…

(නිලන්ති චන්ද්‍රසේන)

ඊයේ (18) රාත්‍රී 11.00ට පමණ මහනුවර, යාපනය මාර්ගයේ මාතලේ, නිල්දියඋයන ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු මියගොස් තවත් පොලිස් නිලධාරියෙකු ඇතුළු පස් දෙනෙකු තුවාල ලබා තිබේ.

ඊයේ රාත්‍රි 11.00ට පමණ මහනුවර දෙසට ධාවනය වූ කාර් රථයක් රියැදුරුට පාලනය තරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පාමුර සංචාරයේ නිරත පොලිස් නිලධාරින් දෙදෙනෙකුගේ හා ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා සහ මෝටර් රථයේ ගමන් කළ සිව් දෙනා මාතලේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතල තුවාල ලබා සිටි පොලිස් නිලධාරියා මිය ගොස් ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ දඹුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 49ක් වන පොලිස් සැරයෙන්වරයෙකි.

මේ වනවිට අනතුර සම්බන්ධයෙන් සැකපිටය මෝටර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මාරක රිය අනතුරක් -පොලිස් නිළධාරියෙක් ජිවිතක්ෂයට | Lanka Newsweek