අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මානසික රෝගියෙකු 29 හැවිරිදි කාන්තාවක් ඝාතනය කරයි

කොස්ගමදී කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කෙරේ

(නිලන්ති චන්ද්‍රසේන) ඌරුබොක්ක, විජයගම, මිල්ලමුල්ලහේන ප්‍රදේශයේදී මානසික රෝගියෙකු එල්ල කළ තියුණු ආයුධ ප්‍රහාරයක් හේතුවෙන් කාන්තාවක මියගොස් තවත් කාන්තාවන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබේ. මෙම පුද්ගලයා…

(නිලන්ති චන්ද්‍රසේන)

ඌරුබොක්ක, විජයගම, මිල්ලමුල්ලහේන ප්‍රදේශයේදී මානසික රෝගියෙකු එල්ල කළ තියුණු ආයුධ  ප්‍රහාරයක් හේතුවෙන් කාන්තාවක මියගොස් තවත් කාන්තාවන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබේ.

මෙම පුද්ගලයා ඊයේ  (02) 6.30 ට පමණ පෞද්ගලික අවශ්‍යතාවක් යැයි පවසා අසල නිවසක් වෙත ගොස් එහි සිටි  66 සහ 33 හැවිරිදි හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහර දී  ඔවුන්ට බරපතළ තුවාල සිදුකර පසුව එම අවස්ථාවේදී ම තවත් නිවෙසක් වෙත ගොස්  29 හැවිරිදි කාන්තාවකට තියුණු ආයුධයෙන් පහර දී  ඇත. එම කාන්තාව ඒ අවස්ථාවේදී තම ළමුන්ට ආහාර ලබාදෙමින් සිට ඇත. මෙම සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ එම කාන්තාව එම ස්ථානයේදීම මිය ගොස් ඇත.

පසුව  අදාළ පහරදීම සිදුකළ සැකකාර මානසික රෝගියා ද මියගොස් ඇති අතර ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැතිබව පොලිසිය පවසයි.

 තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා  හීගොඩ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහල වෙත මාරුකර යවා ඇති බව පොලීසිය පවසයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මානසික රෝගියෙකු 29 හැවිරිදි කාන්තාවක් ඝාතනය කරයි | Lanka Newsweek