අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මානව හිමිකම් සභාපතිනියට එරෙහි ප්‍රකාශය ගැන පොලිස් පරීක්ෂණයක්..!

මානව හිමිකම් සභාපතිනියට එරෙහි ප්‍රකාශය ගැන පොලිස් පරීක්ෂණයක්..!

අගමැති පොලිස්පතිට නියෝග කරයි-ද්වේශ සහගත ප්‍රකාශය හෙළා දකියි..! (සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනී ආචාර්ය දීපිකා උඩගම මහත්මියට එරෙහිව කරන ලද ද්වේශ සහගත ප්‍රකාශය…

අගමැති පොලිස්පතිට නියෝග කරයි-ද්වේශ සහගත ප්‍රකාශය හෙළා දකියි..!

මානව හිමිකම් සභාපතිනියට එරෙහි ප්‍රකාශය ගැන පොලිස් පරීක්ෂණයක්..!

(සුජිත් මංගල ද සිල්වා)

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනී ආචාර්ය දීපිකා උඩගම මහත්මියට එරෙහිව කරන ලද ද්වේශ සහගත ප්‍රකාශය අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් තරයේ හෙළා දකින අතර මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවත්වීමට පොලිස්පති වෙත උපදෙස් ලබා දී ඇත.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට අනුකූලව පත් කරන ලද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ස්වාධීනව ක්‍රියාත්මක වන ආයතනයකි.

මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය මේ ආකාරයෙන් ප්‍රසිද්ධියේ තර්ජනයට ලක්වීමත් සහ එවැනි වගකීම් රහිත ප්‍රකාශනයන් මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ඉස්මතු කිරීමත්, බරපතල කාරණයකි.

සභාපතිනියගේ හා මානව හිමිකම් කොමිෂන් සභාවේ අනෙකුත් කොමසාරිස්වරුන්ගේ හා කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කරන ලෙසටත් පොලිස්පති වෙත තවදුරටත් උපදෙස් ලබා දී ඇත.

මානව හිමිකම් සභාපතිනියට එරෙහි ප්‍රකාශය ගැන පොලිස් පරීක්ෂණයක්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න