මානව හිමිකම් කේන්ද්‍රයේ අධ්‍යක්ෂක ලෙස රජිත් කීර්ති පත් කෙරේ

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ නව විධායක අධ්‍යක්ෂවරයා ලෙස මධ්‍යම සහ දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පත් කරනු ලැබ සිටින අතර ඔහු 2022 මාර්තු පළමු වැනිදා සිට එම තනතුරේ කටයුතු…
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ නව විධායක අධ්‍යක්ෂවරයා ලෙස මධ්‍යම සහ දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පත් කරනු ලැබ සිටින අතර ඔහු 2022 මාර්තු පළමු වැනිදා සිට එම තනතුරේ කටයුතු කරයි.
මැතිවරණ, මානව හිමිකම් සහ දුෂණ විරෝධි ව්‍යාපාරයන් හි වසර 15 ක අත්දැකීම් සහිතව රාජිත කීර්ති තෙන්නකෝන් මහතා කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා සහ දුෂණ විරෝධී පෙරමුණේ උපදේශකවරයා ඇතුළු තනතුරු ගණනාවක් දරා ඇත.
ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව සහ ජනසන්නිවේදනය පිළිබඳ උපාධි සහ පශ්චාත් උපාධි ලබා ඇති ඔහු, එම විෂයන් සම්බන්ධයෙන් ශ්‍රාස්ත්‍රීය ග්‍රන්ථ ගණනාවක් ද පළ කර ඇත. මානව හිමිකම් කේෂ්ත්‍රයේ දෙස් විදෙස් තනතුරු රැසක් ද ඔහු විසින් දරා ඇත.
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ඉදිරියේ දී පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කර, වත්මන් අභියෝග සඳහා මුහුණදිය හැකි පුළුල් මහජන ව්‍යාපාරයක් බවට පත් කිරීමට අපේක්ෂා කරන බව රාජිත කීර්ති තෙන්නකෝන් මහතා අවධාරණය කර සිටියි.