මාධ්‍ය සංදර්ශන එපා-ගැටලු ඇත් නම් උසාවි යනු..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ඊනියා වෘත්තීය සමිතිවල අරමුණු ජනතාව තේරුම් ගත යුතුයි..! (සුජිත් මංගල ද සිල්වා) දේශපාලන පළිගැනීමට ලක් වූ පුද්ගලයින්ට සහන සැලසීමට අධ්‍යාපන අමාත්‍යාංශය විධිමත් ක්‍රමවේදයක් අනුව කටයුතු කළ බවත් වෘත්තීය…
ඊනියා වෘත්තීය සමිතිවල අරමුණු ජනතාව තේරුම් ගත යුතුයි..!
(සුජිත් මංගල ද සිල්වා)
දේශපාලන පළිගැනීමට ලක් වූ පුද්ගලයින්ට සහන සැලසීමට අධ්‍යාපන අමාත්‍යාංශය විධිමත් ක්‍රමවේදයක් අනුව කටයුතු කළ බවත් වෘත්තීය සමිතිවලට මේ පිළිබද ගැටලුවක් ඇත්නම් සිසු දරුවන්ගේ අධ්‍යාපනය කඩකප්පල් නොකර අධිකරණය හමුවට යා හැකි බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේ දී අද (05) ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේ දී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
පසුගිය වසර විසි හතරකට අධික කාලයක දී අධ්‍යාපන පද්ධතිය තුළ දේශපාලන පළි ගැනීමට ලක් වූ පුද්ගලයින් 12,000 කට අධික සංඛ්‍යාවක් සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා අභියාචනා ඉදිරිපත් කර තිබූ බවත් ඒ සම්බන්ධව පරීක්ෂා කිරීම ඉහළ රාජ්‍ය නිලධාරීන් විසින් සහ රාජ්‍ය සේවා කොමිසම විසින් සිදු කර 1018 කට සහන සැලසීමට කටයුතු කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.
ඒ සම්බන්ධව ගැටලුවක් ඇත්නම් එය රාජ්‍ය සේවා කොමිසමේ තීන්දුවක් අභියෝගයට ලක් කිරීමක් වන බව ද පෙන්වාදුන් අකිල විරාජ් කාරියවසම් මහතා මාධ්‍ය සංදර්ශන පවත්වමින් විදුහල්පතිවරුන් ගුරුවරුන් හා සිසු දරුවන් නොමග නොයවා අධිකරණය හමුවට යන ලෙස ද සඳහන් කළේය.
පසුගිය රජය සමයේ තොග පිටින් දේශපාලන පත්වීම් ලබාගත් පිරිස් මෙලෙස අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට උත්සාහ කරන බවට චෝදනා කළ අමාත්‍යවරයා මෙම පුද්ගලයින්ගේ ක්‍රියාකලාපයන් සම්බන්ධව දැනුවත්ව කටයුතු කරන ලෙස විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.
එසේම කිසිම බලවේගයකට පාසල් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට තමා ඉඩ නොතබන බව ද අකිල විරාජ් කාරියවසම් මහතා වැඩි දුරටත් අවධාරණය කළේය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1