මාධ්‍ය මෙහෙයවන්න අගමැති යටතේ ප්‍රබල තනතුරක්
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(සුජිත් මංගල ද සිල්වා ) සියලුම ජනමාධ්‍ය සම්බන්ධීකරණය කරමින් ආණ්ඩුවේ වැඩ කටයුතුවලට සාධාරණ ප්‍රචාරයක් ලබා ගැනීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ යටතේ ක්‍රියාත්මක වන ප්‍රබල තනතුරක් ඇති කිරීමට එක්සත් ජාතික…
(සුජිත් මංගල ද සිල්වා )
සියලුම ජනමාධ්‍ය සම්බන්ධීකරණය කරමින් ආණ්ඩුවේ වැඩ කටයුතුවලට සාධාරණ ප්‍රචාරයක් ලබා ගැනීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ යටතේ ක්‍රියාත්මක වන ප්‍රබල තනතුරක් ඇති කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂය මේ තීරණය ගෙන තිබෙන්නේ අයවැයට පෙර ආණ්ඩුව අත්‍යවශ්‍ය භාණ්ඩ හයක මිල අඩු කරමින් ජනතාවට දුන් සහනයට ජනමාධ්‍ය ඔස්සේ ප්‍රමුඛතාවයකින් යුතු ප්‍රචාරයක් ලබා ගැනීමට එම පක්ෂයේ මාධ්‍ය ප්‍රධානීන්ට නොහැකිවීම නිසාය. මේ තනතුරට මේ වන විට නම් ගණනාවක්ම යෝජනා වී තිබෙන අතර අවසන් තීන්දුවක් මෙතෙක් ගෙන නොමැති බව දන ගන්නට තිබේ.ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1