මාධ්‍ය මර්දනය පිළිබඳ පරීක්ෂණවලටත් මුල් තැන

(හේමන්ත තුසිත කුමාර) මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්ට සිදුවූ බලපෑම් පිළිබඳ පරීක්ෂණ සඳහාත් මූලිකත්වය ලබා දී කටයුතු කරන්නැයි ඒ පිළිබඳ පරීක්ෂණ කරන ආයතනවලට නියෝග කර ඇති බව නීතිය,සාමය සහ දක්ෂිණ සංවර්ධන…
(හේමන්ත තුසිත කුමාර)
මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්ට සිදුවූ බලපෑම් පිළිබඳ පරීක්ෂණ සඳහාත් මූලිකත්වය ලබා දී කටයුතු කරන්නැයි ඒ පිළිබඳ පරීක්ෂණ කරන ආයතනවලට නියෝග කර ඇති බව නීතිය,සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.
අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ කොළඹදී සඳුදා (04) පැවතී මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට එරෙහි ප්රචණ්ඩත්වය පිටු දැකීමේ ජාත්‍යන්තර දින සැමරුම් උත්සවයට එක්වෙමිනි.
දැන්වීම
එසේම සාගල රත්නායක අමාත්‍යවරයා එහි දී කියා සිටියේ මාධ්‍යවේදීන්ට සිදු වූ බලපෑම් සම්බන්ධ ඇතැම් සිද්ධිවල සාක්ෂි පවා විනාශ කිරීමට අපරාධකරුවන් කටයුතු කර ඇති අතර ඇතැම් අපාරාධවලට සම්බන්ධ තොරතුරු ඇතුළත් වාර්තා පවා විනාශ කර ඇති බවය.
තත්ත්වය එසේ වුවත් අදාළ සිද්ධි පිළිබඳ පරීක්ෂණ මේ වන විට විශාල ප්‍රගතියක් අත්පත් කර ගෙන ඇති බවත් එසේම මේ පිලළිබඳ සොයා බැලීමට නව නීති රීති හඳුන්වාදෙන බව ඔහු පැවසීය.
විශේෂයෙන්ම සාගල රත්නායක මහතා කියා සිටියේ ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතන සිද්ධිය වැනි සිද්ධිවලදී මළ සිරුර හමු නොවුණත්ඝාතන චෝදනා ගොනු කිරිම සඳහා නව නීති රීති හඳුන්වාදිය යුතු නම් ඒ සඳහා ද පසුබට නොවන බවය.
අදාළ පරීක්ෂණ පැවැත්වීමට කොතරම් දුෂ්කරතා ඇති වුවවද ඒ සියලු සිද්ධි පිළිබඳ පරීක්ෂණ පවත්වා වරදකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.
එම සැමරුම් උත්සවයේ දී උදයන් පුවත්පතේ කර්තෘ දේවනායගම් ප්‍රේමානන්ද මහතා ප්‍රකාශ කළේ සිය පුවත්පත් ආයතනයට පසුගිය චෝගම් උත්සවයෙන් පසු කාලය තුළදී ඇතිවූ බලපෑම් පිළිබඳ පරීක්ෂණ සිදු වනවාද යන්න පිළිබඳවවත් නොදන්නා අතර එසේම අවස්ථා 37 ක දී සිය ආයතනයට බලපෑම් සිදුව තිබෙන බවය.
උදයන් කතුවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය සාගල රත්නායක මහතා අදාළ සිද්ධිය පිළිබඳ තමාට තොරතුරු ලබා දෙන ලෙස පැවසූ අතර එම තොරතුරු ඇතුළත් ලිපි ගොණුවක් උදයන් කතුවරයා විසින් අමාත්‍යවරයාට ලබා දෙන ලදී.