අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

මාධ්‍ය නිදහස උල්ලංඝනය කරන විදුලි සංදේශ පනතට සජබය විරුද්ධයි

මාධ්‍ය නිදහස උල්ලංඝනය කරන විදුලි සංදේශ පනතට සජබය විරුද්ධයි

ඊට විරුධව අධිකරණයට යන බව විපක්ෂ නායක කියයි මාධ්‍ය නිදහස වෙනුවෙන් විපක්ෂ නායක යළි හඬ නගයි ජනමාධ්‍ය නිදහස උල්ලංඝනය කෙරන ශ්‍රී ලංකා විදුලි සංශෝධන පනත සමගි ජන බලවේගය තරයේ හෙළා දකින අතර ඊට දැඩි විරෝධය පළ…

ඊට විරුධව අධිකරණයට යන බව විපක්ෂ නායක කියයි 

මාධ්‍ය නිදහස වෙනුවෙන් විපක්ෂ නායක යළි හඬ නගයි 

ජනමාධ්‍ය නිදහස උල්ලංඝනය කෙරන ශ්‍රී ලංකා විදුලි සංශෝධන පනත සමගි ජන බලවේගය තරයේ හෙළා දකින අතර ඊට දැඩි විරෝධය පළ කරන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.  

ජනතාවගේ අදහස් ප්‍රමාණවත් පරිදි නොවිමසා ශ්‍රී ලංකා විදුලි සංදේශ සංශෝධන පනත ඉදිරිපත් කර ඇති බවත් මේ කෙටුම්පතෙහි ජනමාධ්‍ය නිදහසට අහිත කර යෝජනා රැසක් ඇති බවත් වන්දි ගෙවා බලපත්‍ර ලබා ගැනීම සහ කොමිෂන් සභාව තීරණය කරන ආකාරයට බලපත්‍ර අහෝසි කිරීමි වැනි දෑ එහි ඇතුළත් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

නිදහස් රටක නිදහස් මාධ්‍ය පැවතිය යුතු නිසා ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමාජයක් ලෙස මෙම පනතෙහි ඇති ජනමාධ්‍ය නිදහසට අහිත කර වගන්ති සම්බන්ධයෙන් දැඩි විරෝධය සහ අප්‍රසාදය පළ කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

මහා ජන යහපත පෙරදැරිව බලපත්‍ර ලබා දීමෙන් හෝ අහෝසි කිරීමෙන් රජය ඉවත් නොවන්⁣නේ නම් එම ක්‍රියාවලිය අධිකරණය හමුවේ අභියේගයට ලක් කරන බවත් TRC ආයතනයට මහා ජන යහපත කුමක්ද කියා තිරණය කිරීමට ඉඩ දුන්නොත් ජනමාධ්‍ය නිදහස නැති වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න