අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මාධ්‍යට අත තියන්න එපා - සජිත්ගෙන් ආණ්ඩුවට රතු එළියක්

මාධ්‍යට අත තියන්න එපා - සජිත්ගෙන් ආණ්ඩුවට රතු එළියක්

සජිත්ගේ දේශපාලන සතිය : පොහොට්ටුවේ සාගර, සජිත්ට දුන් කමෙන්ට් එක කෙහෙළිය පාට් 2 : මේ සතිය ආරම්භය සිදුවුනේ මතභේදාත්මක ප්‍රමිතියෙන් තොර ඖෂධ සිද්ධියත් සමගය වමනය, ක්ලාන්තය, ඔක්කාරය වැනි තත්ත්වයන්ට ලබාදෙන…

සජිත්ගේ දේශපාලන සතිය : පොහොට්ටුවේ සාගර, සජිත්ට දුන් කමෙන්ට් එක
 

කෙහෙළිය පාට් 2 : මේ සතිය ආරම්භය සිදුවුනේ මතභේදාත්මක ප්‍රමිතියෙන් තොර ඖෂධ සිද්ධියත් සමගය

වමනය, ක්ලාන්තය, ඔක්කාරය වැනි තත්ත්වයන්ට ලබාදෙන ඔන්ඩැන්සෙට්ට්‍රෝන් එන්නත වහාම භාවිතයෙන් ඉවත් කිරීමත්, එම එන්නත ලබාදීම හේතුවෙන් මියගිය බවට සැකසහිත මරණ දෙකක් වාර්තා වීමත් මේ සතිය ආරම්භයේම රටත්, සෞඛ්‍ය කේෂ්ත්‍රයත් කැළඹුණු ප්‍රධාන මාතෘකාව විය. 

මේ ගැන විපක්ෂ නායක සජිත් වැඩි අවධානයක් යොමු කරද්දී, සමගි ජන බලවේගයේ දෙහිවල - ගල්කිස්ස නාගරික මන්ත්‍රී වෛද්‍ය චමල් සංජීව මේ සිදුවීම් පෙළ කෙහෙළිය සමයේ මෙන් අතට අරන් හොයන්නට භාරගත්තේය. කොළඹින් බැහැරව හිටපු දොස්තර චමල් ඒ අනුව හදිසියේ මාධ්‍ය හමුවක් කැඳවමින් මෙහි සැකසහිත තැන් එකින් එක විස්තර කළේ ආණ්ඩුවටත් උණගැනෙන්නටය.

මෙලෙස ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය ගැන වෛද්‍ය චමල් සංජීව දක්වන අදහස් පක්ෂයේ මතය නොවන බව කියැවෙන ආකාරයෙන් විපක්ෂ නායකවරයාගේ ලිපි ශීර්ෂය සහ අත්සන ව්‍යාජව යොදගනිමින් කවුරුන් හෝ ලිපියක් සකස් කර සමාජ මාධ්‍යට මුදාහැර තිබුණේ ඉන් පසුවය.

දැන්වීම

මේ ලිපිය දුටු විගස උරනවූ සජිත් වහාම තම මාධ්‍ය අංශය අමතා, වෛද්‍ය චමල් සංජීව සම්බන්ධ කරගත් ඔහු කඩිනමින් මීට පිළිතුරු ලිපියක් සකස් කරන ලෙසත් වෛද්‍ය චමල් සංජීවට ඊට පසුදිනම පක්ෂයේ නිල මාධ්‍ය හමුවට සහභාගීවී සත්‍ය රටට හෙළිකරන ලෙසත් උපදෙස් දුන්නේය.
 
“හබරකඩයි, මතුගමයි කාන්තාවන් දෙන්නෙක් මිය යන්න මේ එන්නත හේතුවෙලාද කියන දේ අපි හොයන්න අවශ්‍යමයි. සෞඛ්‍ය ඇමතීයි, රජයයි රටට ඇත්ත හෙළිකරනකම් අපි බලපෑම් කරන්න ඕන. මේක මේ ආයෙත් අහිංසක මිනිස්සුන්ගේ ජීවිත එක්ක කරන සෙල්ලමක් වෙලා. මේ එන්නත් හදිසි මිලදී ගැනීමක් ද? ගුණාත්මකභාවය පරීක්ෂා කළ ද? 
ඒ පරීක්ෂණ සමත් ද? අසමත් ද? මේවා හෙළිකරන්න කියලා අපි රජයට පෙෂර් කරන්නම ඕන” එහෙම කිව්වේ විපක්ෂ නායක සජිත්ය. 
 
ඒ කතාවට කොන්ෆරන්ස් කොල් එකේ අනෙක් පැත්තේ හිටපු දොස්තර චමල් කියුවේ, “සර් හරියට හරි, මහනුවර රෝහලේ කරපු මූලික ක්ෂුද්‍රජීවී පරීක්ෂණ වලින් එන්නතේ බැක්ටීරියාවක් තිබිලා කියලා තහවුරු වෙලා, එන්නත් 270,000 ක් අයින් කරලා. මේවා රටට පාඩු, මේක කෙහෙළිය කරපු ගේම් එකේ දෙක. මේ මිනිස්සුන්ගේ ජීවිත උගසට තියලා කරන ගේම්”

එහෙම කියපු චමල් පසුදාම මාධ්‍ය හමුව පවත්වමින් ප්‍රමිතියෙන් තොර ඖෂධ වංචාවේ අලගිය, මුලගිය තැන් හෙළිදරව් කළේය.

මේ අතර තුර විපක්ෂ නායක ලිපි ශීර්ෂය සහ සජිත්ගේ අත්සන ව්‍යාජව යොදාගෙන ලිපි සැකසීම ගැන පරීක්ෂණයක් ඉල්ලා, විපක්ෂ නායක කාර්යාලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද කළේය.

අරනායකටයි, හෙම්මාතගමටයි සජිත් හුස්ම දෙයි :

ආපදා තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය පද්ධතියට සිදුවූ බලපෑම් සොයා බලමින් රෝහල්වලට අවශ්‍ය තාක්ෂණික උපකරණ පරිත්‍යාග කරන ‘හුස්ම’ වැඩසටහන රැගෙන සජිත් මේ සතියේ ගියේ, අරනායක ප්‍රාදේශීය රෝහලට සහ හෙම්මාතගම ප්‍රාදේශීය රෝහලටය.

ලක්ෂ 29 ක් වටිනා, Patient Monitor 5ක්, Infusion Pump යන්ත්‍රයක් සහ Syringe Pump යන්ත්‍රයක් බැගින් මෙම රෝහල් දෙකටම පරිත්‍යාග කරන්න සජිත් කටයුතු කර තිබූ අතර හෙම්මාතගම ප්‍රාදේශීය රෝහලට මෙම වෛද්‍ය උපකරණ ලබාදීම සිදුව තිබුනේ මන්ත්‍රී කබීර්ගේ ඉල්ලීමකට අනුවය.

මාධ්‍යට අත තියන්න එපා - සජිත්ගෙන් ආණ්ඩුවට රතු එළියක්

ඒ අවස්ථාවට එක්වූ කබීර් හරි අපූරු කතාවක් කිව්වේය

“ සජිත්, ඔයා පහුගිය කාලෙ කිව්වා මතකද ධානපතියන් සම්බන්ධ කරගෙන ඉස්කෝල, රෝහල් දියුණු කරන ක්‍රමයක් හදනවා කියලා, එදා ඒකට අනුර උඩදාගෙන හිනාවුනානේ, අන්න හිනාවුන අනුර දැන් මරු කියවනවා, එයා කියනවලු, ආපදාවෙන් කැඩුණු පාසැල්, රෝහල් හදන්න ධානපතියන්ගේ උදව් ගන්න පුළුවන් සිස්ටම් එකක් හදනවාය, ඕනනම් එයාලගේ නමත් ගහන්න දෙන්නම් කියලා. රෙදි ඇඳගෙනද දන්නනෑ දැන් ඕවා කියන්නේ”

ඒ කතාවට පිළිතුරක් දුන් සජිත්..


“ දැන් පේනවනේ, මම කියපු හැමදේම ඇත්තවීගෙන යනවා. මේ රටේ මිනිස්සුන්ට බොරු කියන්න එපා කියලා මම හැමදාම කිව්වේ ඒක තමයි, මම කියන්නෙත් මගේ තාත්තා කියපු දේමයි ‘සත්‍ය කවදා හෝ ජයගනීවි’ දැන් මට ආරංචීයි IMF එක්ක සාකච්ජා ඉල්ලනවලු, ආධාර සමුළු තියන්න හදනවලු, මට පෑඩ් මෑන් කියපු අයම අද පෑඩ් බෙදනවලු. කමක් නෑ මට හිනාවෙවී මම කියපු දේවල්ම කරන්න. මොකද කවුරු කළත් රටේ මිනිස්සුන්ටනේ.” 

ඒ අසල සිටි මන්ත්‍රී සුජිත් සංජයගේ පිටට තට්ටුවක් දමමින් සජිත් විමසුවේ..

“ මම හරිද? වැරදිද? ඔයාම කියන්න කෝ සුජිත් කියාය”

ඒ අසල සිටි වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයද සජිත්ගේ කතාව අනුමත කරමින්….

“අපි කොච්චර කාලයක් ඉල්ලුවත් මේ මෙෂින් අපිට ලැබුණේ නෑ. ඔබතුමා විපක්ෂ නායකයෙක් විදහට අලුත් ආදර්ශයක් දුන්නා, මේ හැමදේම හොස්පිටල් එකට එන ලෙඩ්ඩුන්ට තමයි.”

 ජයශංකර්ගෙන් සජිත්ට ස්තුතියක් 

ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන පැකේජයක් රැගෙන ආ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ හමුවක්, කොළඹ පිහිටි India House හිදී සිදුවිය.

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක මුදලක් මෙරට ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් ලබාදීම ගැන ස්තුතිය ඵල කළ සජිත්, ආපදා කළමණාකරනය වෙනුවෙන් වෙනම කැබිනට් අමාත්‍යාංශයක් තමන් යෝජනා කරන්නේ ඇයිද යන්න කරුණු සහිතය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාට පැහැදිලි කළේය.

ඉන්දීය විදේශ කටයුතු ඇමති ජයශංකර් කියා සිටියේ, තමන් ලබාදුන් ආධාර වඩාත් විනිවිදභාවයෙන් යුක්තව පීඩාවට පත් ජනතාව වෙතම ලැබීමට සැලැස්වීමේදී රජයට මෙන්ම විපක්ෂයටද විශේෂ කාර්යභාරයක් ඇති බවය.

එම වගකීම ඉටුකරන්නට තමන් ඇතුළු පාර්ලිමේන්තු කණ්ඩායම කැපවන බවට සජිත් සහතිකයක් ලබාදෙද්දී ජයශංකර් ඊට ස්තුතිය ඵල කළේ, “You are always humble, I respect that” කියාය.

මාධ්‍යට අත තියන්න එපා - සජිත්ගෙන් ආණ්ඩුවට රතු එළියක්

 පොහොට්ටුවේ සාගර සජිත්ට දුන් කමෙන්ට් එක 

"New Blueprint, New Horizon” මැයෙන් චීනයේ 15 වැනි, පස් අවුරුදු සැලැස්ම එළිදැක්වීමේ උත්සවය පසුගියදා පැවැත්වුණේ, කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදීය.

දේශපාලඥයින් රැසක් සහභාගීවී සිටි මෙම උත්සවයේදී විපක්ෂ නායක සජිත් කළ කතාව බොහෝ දෙනෙකුගේ අවධානයට සහ පැසසුමට ලක්ව තිබුණි.

චීනයේ ප්‍රතිපත්ති, නායකත්වය සහ ආණ්ඩු කරණය පාඩම් රැසක් කියා දෙන බවත්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය සහ ධනවාදය රටක් සංවර්ධනය කිරීමට යොදා ගන්නා ආකාරයටත්, එහි ජනතාව අර්ථවත් ලෙස ඊට ඒකාබද්ධ කරගැනීම ගැනත් චීනය හොඳ උදාහරණයක් බව සජිත් සිය කතාව තුළ පැහැදිලි කළේය.

මේ කතාව අවසන් කර සජිත් තම අසුනේ වාඩි වනවාත් සමගම පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් සජිත් දෙසට හැරී කියා තිබුණේ…

“ ඔබ හරි වැදගත් කතාව කළා. චීනයේ ආර්ථික මොඩලය හොඳට ඔබ අධ්‍යනය කරලා තියෙනවා නේද? මම බලාගෙන හිටියේ කිසිම සටහනක් නැතුව ඔබතුමා කතාව හරිම නිදහසේ ගොඩනගපු හැටි.”

මේ උත්සවයේදී පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම්ටද කතාවක් යෙදී තිබූ අතර එහිදී ඔහු ආණ්ඩුවට කන පැලෙන්නම පහරක් ගැසුවේය.

“කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපල, නෙළුම් කුළුණ, අධිවේගී මාර්ග, නොරොච්චෝලේ බලාගාරය වගේ ව්‍යාපෘති ගැන ගොඩක් විවේචන තිබුනා, නමුත් අද අපිට සතුටුයි මේවාට විරුද්ධ වුණු දේශපාලන පක්ෂ සහ ඒවායේ නායකයින් අද පිළිගන්නවා මේවා තමයි ශ්‍රී ලංකාවේ නිදහසින් පසු ක්‍රියාත්මක වූ හොඳම ව්‍යාපෘති කියලා”

ඒ කතාව අසා සිටි රංජිත් මද්දුම බණ්ඩාර ළග සිටි ඩලස් අලහප්පෙරුමගෙන් ඇසුවේ කතාව ඇතුලේ සාගර ආණ්ඩුවට කන පැලෙන්නම දුන්නා නේද කියාය.

මාධ්‍යට අත තියන්න එපා සජිත්ගෙන් ආණ්ඩුවට රතු එළියක් 

හිරු මාධ්‍යජාලයට එරෙහිව පොලිස්පතිවරයා TRC එකට යැවූ ලිපිය දැන් රටේම ආන්දෝලනයකට පත්ව ඇත්තේ හිරු මාධ්‍යට රජය තරු පෙන්නාවිද යන සැකය නිසාය.

මේ ගැන තමන්ගේ මාධ්‍ය කණ්ඩායම සමග කතා කළ සජිත් “හිරු එක වැරද්දක් කරලනම් ඒක ගැන පරීක්ෂණයක් කරලා ඔප්පු කරන්න ඕන, ගහෙන් ගෙඩි එන්න වගේ TRC එකට පැමිණිලි කරලා සංඛ්‍යාත වහන්න එයාලට බෑ. මේ කරන්නේ හිරු බයකරලා එයාලට ඕන විදිහට හසුරුවා ගන්න බලන එක, ආණ්ඩුවේ වැරදි පෙන්නලා දෙනකොට එයාලට ඒක දරාගන්න අමාරුයි. එදා ආණ්ඩු සිරසටත් කරන්න හැදුවේ ඕක, එදා අපි සිරසේ මාධ්‍ය අයිතිය වෙනුවෙන් පෙනී හිටිය වගේ, අද හිරු එකේ මාධ්‍ය අයිතිය වෙනුවෙන් පෙනී ඉන්න ඕන. මම මේකට ස්පෙෂල් ස්ටේන්ට්මන්ට් එකක් දානවා”

ඒ අනුව, අදහස් පළ කිරීමේ සහ ජනතාවට තොරතුරු ලබාදීමේ නිදහසට රජය බාධා කරන බවත්, පොලිසිය හරහා ඒකාධිපති පාලනයකට රට ගෙන යෑමට එරෙහිව විපක්ෂය ලෙස ඉදිරියේදී දැඩි විරෝධයක් ඵලකරන බවත් දක්වමින් සජිත් විශේෂ ප්‍රකාශයක් මාධ්‍යට නිකුත් කළේය.

ඒ අනුව, අදහස් පළ කිරීමේ සහ ජනතාවට තොරතුරු ලබාදීමේ නිදහසට රජය බාධා කරන බවත්, පොලිසිය හරහා ඒකාධිපති පාලනයකට රට ගෙන යෑමට එරෙහිව විපක්ෂය ලෙස ඉදිරියේදී දැඩි විරෝධයක් ඵලකරන බවත් දක්වමින් සජිත් විශේෂ ප්‍රකාශයක් මාධ්‍යට නිකුත් කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 6
බෙදාගන්න