මාදු ගඟ පාරිසරික පද්ධතිය අනතුරේ..?

(ජයකාන්ත ලියනගේ) ගාල්ල බළපිටිය මාදු ගගේ ඉවුරකට ප‍්‍රාදේශීය සභාවෙන් කසළ මුදාහැරීම නිසා විශාල පරිසර හානියක් සිදු වෙනවා යැයි, බළපිටිය ප‍්‍රාදේශීය සභාවේ ලේකම් රවීන්ද්‍ර ලසන්ත මහතා හෙළි කළේය. ඔහු මේ බව…
(ජයකාන්ත ලියනගේ)
ගාල්ල බළපිටිය මාදු ගගේ ඉවුරකට ප‍්‍රාදේශීය සභාවෙන් කසළ මුදාහැරීම නිසා විශාල පරිසර හානියක් සිදු වෙනවා යැයි, බළපිටිය ප‍්‍රාදේශීය සභාවේ ලේකම් රවීන්ද්‍ර ලසන්ත මහතා හෙළි කළේය.
ඔහු මේ බව හෙළි කර සිටියේ බළපිටිය ප‍්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී වන අතර එම රැස්වීම දකුණු පළාත් සභාවේ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක අසෝක ධනවංස ද සිල්වා සහ බළපිටිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන සංවිධායක ඒ. දයාරත්න ද සිල්වා යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් යුතුව බළපිටිය ප‍්‍රාදේශීය සභා ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි.
දැන්වීම
මෙහිදී තවදුරටත් කරුණු දැක්වූ බළපිටිය ප‍්‍රාදේශීය සභාවේ ලේකම් රවීන්ද්‍ර ලසන්ත මහතා මෙසේද කීය.
බළපිටිය ප‍්‍රාදේශීය සභාවට කසළ කළමනාකරණ ව්‍යාපෘතියක් හෝ කසළ දැමීමට සුදුසු ඉඩමක් නැහැ. දැනට කසළ දමන්නේ මාදුගග ඉවුරේ තිබෙන පෞද්ගලික ඉඩමකටයි. එහි කසළ දැමීමට ඉඩ දී තිබෙන්නේ තව මාසයකට විතරයි. මේ ස්ථානයේ කසළ දැමීමෙන් විශාල පරිසර හානියක් සිදුවෙනවා. ඉක්මනින්ම මේ සදහා ඉඩමක් නොලැබුණොත් මහත් ගැටලූවකට මුහුණ දෙන්න සිදුවෙනවා. රජ්ගම කසළ කළමනාකරණ ඒකකයට ගෙනයාමත් අපහසුයි. ඒ සදහා විශාල වියදමක් දරන්න සිදුවෙනවා.