මාදුළුවාවේ සෝභිත හිමිගේ ජනතා ව්‍යාපාරයට යළි පණ පොවයි..!

ජනපති-අගමැති ගැන විශ්වාසය භංග වෙයි..? මහා සංඝ රතනය ප්‍රධාන සිවිල් සංවිධාන පෙරට..! මීළඟ පොදු අපේක්ෂකයා කවුද..? (සුජිත් මංගල ද සිල්වා) ඒකාධිපති වාදය සහ පවුල් වාදය 2015 ජනවාරි 8 වැනිදා පරාජය කරනු ලැබූ…
ජනපති-අගමැති ගැන විශ්වාසය භංග වෙයි..?
මහා සංඝ රතනය ප්‍රධාන සිවිල් සංවිධාන පෙරට..!
මීළඟ පොදු අපේක්ෂකයා කවුද..?
(සුජිත් මංගල ද සිල්වා)
ඒකාධිපති වාදය සහ පවුල් වාදය 2015 ජනවාරි 8 වැනිදා පරාජය කරනු ලැබූ මාදුළුවාවේ සෝභිත නා හිමියන් නායකත්වය දුන් ජනතා බලවේගය වහාම ක්‍රියාත්මක වන පරිදි යළි පණ ගැන්වීමට මහා සංඝ රත්නය ප්‍රධාන සිවිල් සංවිධාන පියවර ගනිමින් සිටියි.
ඒ අනුව එම ජනතා ව්‍යාපාරයට මාදුළුවාවේ සෝභිත නා හිමියන් සමග එකට එක්ව එදා දායකත්වය දුන් මහා සංඝ රත්නය ප්‍රධාන සිවිල් සංවිධාන අතර තීරණාත්මක සාකච්ඡා මේ වන විට ආරම්භ වී තිබේ.
දැන්වීම
මහා සංඝ රත්නය ප්‍රධාන සිවිල් සංවිධාන මේ පියවර ගනිමින් සිටින්නේ ඒකාධිපති රාජපක්ෂ රෙජීමය මගින් 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට යෝජිතව සිටින ගෝඨාභය රාජපක්ෂ ප්‍රධාන ඒකාධිපති බලවේගය යළිත් පරාජයට පත් කිරීම සඳහා යැයි මහා සංඝ රත්නය පෙන්වා දෙති.
යළි හිස ඔසවමින් සිටින මේ ඒකාධිපති බලවේගයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් සමග එක්ව මුහුණ දිය හැකි ද යන ප්‍රශ්නය මේ මූලික සාකච්ඡාවල දී බරපතළ ලෙස මතුව ඇතැයි ජ්‍යෙෂ්ඨ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු “lankanewsweek” සමග පැවසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් දඹර අමිල නා හිමියන් පසුගියදා දැඩි විවේචනයක් එල්ල කළේ ඒ අනුව යැයි ද එම ප්‍රකාශකයා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
ඒ අනුව 2015 ජනවාරි 08 ජනතා ජයග්‍රහණයට නායකත්වය දුන් සියලුම සර්වාගමික නායකයින් ප්‍රධාන සිවිල් සංවිධාන ඉදිරි සතියේදී කොළඹ දී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සිය ඉදිරි ක්‍රියා මාර්ග,රටේ උද්ගත වී ඇති තත්ත්වය,ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රධාන රජයේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කිරීමට නියමිතය.