මාතලේ වල් අලියා දැලේ..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්‍රසේන) දිගු කලක සිට මාතලේ, මඩවල, රත්ගම්මන ආදි ප්‍රදේශ රැසක ජිවත්වන ජනතාවට විශාල තර්ජනයක් එල්ල කළ අලියා අද (7) උදැසන වනජීවී නිලධාරීන්ගේ ග්‍රහණයට හසු කර ගෙන ඇත. දින 04ක මෙහෙයුමකින් පසුව…
(නිලන්ති චන්ද්‍රසේන)
දිගු කලක සිට මාතලේ, මඩවල, රත්ගම්මන ආදි ප්‍රදේශ රැසක ජිවත්වන ජනතාවට විශාල තර්ජනයක් එල්ල කළ අලියා අද (7) උදැසන වනජීවී නිලධාරීන්ගේ ග්‍රහණයට හසු කර ගෙන ඇත.
දින 04ක මෙහෙයුමකින් පසුව මෙලෙස මෙම අලියා නිර්වින්දනය කොට අත්අඩංගුවට ගත් බව ලුණුගම්වෙහෙර වනජීවී කාර්යාලය පවසයි.
මෙම අලියා පසුගිය දිනක තරුණයින් දෙදෙනෙකුට පහරදී ඝාතනය කොට ඇති අතර වගාබිම් රැසකටද හානි කර ඇත.
මෙලෙස අල්ලා ගත්වල් අලියා රක්ෂිතයට මුදා හැරීමට කටයුතු සුදානම් කර ඇති බව වනජීවී කාර්යාලය පවසයි.
තවද පොලොන්නරුව ප්‍රදේශයේදී ගවයින් බැලීම සඳහා ගිය 61 හැවිරිදි පුද්ගලයෙකු වල් අලි ප්‍රහාරයකින් අද (07) ජිවිතක්ෂයට පත් වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1