මාතර වෙඩි තැබීමේ සිද්ධියේ කල්ලි සාමාජිකයෙකු පොලිස් වෙඩි පහරින් මරුට..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්‍රසේන) මාතර නගරයේදී ඊයේ (22) දින ස්වර්ණාභරණ අලෙවි සලක් කොල්ල කෑමට පැමිණි පිරිසක් සහ පොලීසිය අතර වෙඩි හුවමාරුවක් සිදු වූ අතර එම වෙඩි හුවමාරුවෙන් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා තිබේ.…
(නිලන්ති චන්ද්‍රසේන)
මාතර නගරයේදී ඊයේ (22) දින ස්වර්ණාභරණ අලෙවි සලක් කොල්ල කෑමට පැමිණි පිරිසක් සහ පොලීසිය අතර වෙඩි හුවමාරුවක් සිදු වූ අතර එම වෙඩි හුවමාරුවෙන් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා තිබේ.
වෙළඳසැල කොල්ලකන බවට ලද තොරතුරක් මත, මාතර පොලීසිය නිලධාරින් පිරිසක් රැගත් මුර සංචාරක ජීප් රථයක් එම ස්ථානයට පැමිණි අවස්ථාවේ වෙඩි හුවමාරුව සිදුව තිබේ.
මාතර රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ තුවාල ලැබූ 4 දෙනෙකු රෝහලට ඇතුළත් කළ බවත් ඉන් 3 දෙනෙකු පොලිස් නිලධාරීන් බවත්ය . එම තුවාලකරුවන්ගෙන් දෙදෙනෙකු ඊයේ (22) දින සැත්කමකට භාජනය කර ඇති අතර තුවාලකරුවන් අතර 39 හැවිරිදි කාන්තාවක් ද සිට ඇත.
රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයෙක් මිය ගොස් තිබේ.
පසුව පොලිසිය තුවාලකරුවන් අතර සිටි සැකකරුවන් තිදෙනක් අත්අඩංගුවට ගෙන ඇත.එම සැකකරුවන් ලෙස හඳුනාගත් එක් සැකකරුවෙක් වන කොස්ගොඩ තාරක අත්අඩංගුවට ගැනීමෙන්ව පසුව ඔහු විසින් සගවා තිබෙනවා යැයි කියූ මාතර ප්‍රදේශයේ බෑගයක් සෙවීමට අද (23) ගිය අතර එහිදී ඒ තුලින් අත් බෝම්බයක් ගෙන පොලිසියට එල්ල කළ අවස්ථාවේදී පොලිස් වෙඩි පහරින් ඔහු මිය ගොස් ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ චාමර ඉන්ද්‍රජිත් නමැති මෙම සැකකරු අපරාධ රැසකට සම්බන්ධ බව ය. මෑතකදී සිදු වූ පුද්ගල ඝාතන හා වෙඩි තැබීමේ සිද්ධි රැසකට සම්බන්ධ අතර මොහු අත්තනගල්ලේදී සංගීත ප්‍රසංගයක සිදු වූ වෙඩි තැබීම, නිට්ටඹුවේදී මවකට හා පුත්‍රයෙකුට කළ වෙඩි තැබීම, වේයන්ගොඩ සමරේ නමැත්තාට වෙඩි තැබීම හා 2012 වසරේ පෑලියගොඩ සිදු වූ රුපියල් කෝටි 12ක කොල්ලයට සම්බන්ධ වී ඇති බවයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1