අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මළ පහ කිරීමට ඕනෑ වූ විට පමණක් ගුද විවරය පහළ වන අමුතු සතෙක්..!

මළ පහ කිරීමට ඕනෑ වූ විට පමණක් ගුද විවරය පහළ වන අමුතු සතෙක්..!

(සමීර වීරක්කොඩි) Comb Jelly ( Mnemiopsis leidy ) නමැති ජෙලිෆිෂ් පෙනුමක් සහිත ජලජ ජීවියාගේ ගුද විවරයක් නිර්මාණය වන්නේ දේහයෙන් අපද්‍රව්‍ය බැහැර කරන විට පමණක් බව පර්යේෂකයන් පිරිසක් සොයාගෙන ඇත. සෙසු…

(සමීර වීරක්කොඩි)

Comb Jelly (Mnemiopsis leidy) නමැති ජෙලිෆිෂ් පෙනුමක් සහිත ජලජ ජීවියාගේ ගුද විවරයක් නිර්මාණය වන්නේ දේහයෙන් අපද්‍රව්‍ය බැහැර කරන විට පමණක් බව පර්යේෂකයන් පිරිසක් සොයාගෙන ඇත. සෙසු අවස්ථාවල ගුද විවරය අන්වීක්‍ෂයකින් බලා හෝ සොයාගත නොහැකි ආකාරයට අතුරුදන් වන බව ඔවුන් නිරීක්‍ෂණය කර ඇත.

මේ ආකාරයේ විටින් විට ඇති ව නැති වන ගුද විවරයක් සත්ත්ව ලෝකයේ තමන් දැක හෝ අසා හෝ ඇති පළමු වතාව මෙය බව මේ නිරීක්‍ෂණය සිදු කළ කණ්ඩායමේ ප‍්‍රධානී ඇමෙරිකාවේ මැසචුසෙට්ස්ල වුඩුස්හෝල්හි සාගර ජීවවිද්‍යා පර්යේෂණාගාරයේ ජීවවිද්‍යාඥ සිඞ්නි ටෑම් පවසයි.

දැන්වීම

මේ ලක්‍ෂණය සත්ත්ව පරිණාමයේ අතරමැදි අවස්ථාවක් නිරූපණය කරන බව ඔහුගේ අදහසයි. ජෙලිෆිෂ් වැනි ඇතැම් සරල ජීවී ආකාරවල ආහාර ගැනීම හා ජීර්ණය නො වූ අපද්‍රව්‍ය බැහැර කිරීම යන කටයුතු දෙකට ම පිහිටා ඇත්තේ එක් පොදු විවරයකි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමසීමේ දී පෙනී ගොස් ඇත්තේ ජීරණය නො වූ අපද්‍රව්‍ය රැස් වන විට පමණක් සත්ත්වයාගේ දේහය තුළ අපද්‍රව්‍ය බැහැර කෙරෙන සීලෝමාන්ත‍්‍රයේ හෙවත් ආමාශවාහිනී කුහරයේ අන්තය පිම්බීමකට ලක් ව බහිෂ්චර්මයේ පිටත ස්තරය ස්පර්ශ වන තෙක් තල්ලූ වී විවරයක් නිර්මාණය වන බව ය. අපද්‍රව්‍ය බැහැර කිරීමේ කටයුත්ත අවසන් වූ පසු මේ ක‍්‍රියාවලිය ආපස්සට සිදු වී විවරය අතුරුදන් ව යයි. මේ යාන්ත‍්‍රණය පහසු වී ඇත්තේ සීලෝමාන්ත‍්‍රය සහ බහිෂ්චර්මය එක් ෙසෙල ස්තරයක ඝනකමකින් පමණක් සමන්විත වීම නිසා බව ද විද්‍යාඥයෝ කියති.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මළ පහ කිරීමට ඕනෑ වූ විට පමණක් ගුද විවරය පහළ වන අමුතු සතෙක්..! | Lanka Newsweek