අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

මහ මැතිවරණය කල් තබන්නැයි මහ සංඝ රත්නය ඉල්ලති

මහ මැතිවරණය කල් තබන්නැයි මහ සංඝ රත්නය ඉල්ලති

වසංගතය හමුවේ මහ මැතිවරණය පැවැත්වීම සුදුසු නැහැ වසංගත බිය-සැක පහව යන තුරු මැතිවරණ එපා සෞඛ්‍ය බලධාරීන්ගේ පැහැදිළි සහතිකයක් ඕනෑ (සුජිත් මංගල ද සිල්වා) COVID-19 හෙවත් මාරාන්තික නව කොරෝනා වසංගතය රට පුරා…

වසංගතය හමුවේ මහ මැතිවරණය පැවැත්වීම සුදුසු නැහැ 

වසංගත බිය-සැක පහව යන තුරු මැතිවරණ එපා 

සෞඛ්‍ය බලධාරීන්ගේ පැහැදිළි සහතිකයක් ඕනෑ 

(සුජිත් මංගල ද සිල්වා)


COVID-19 හෙවත් මාරාන්තික නව කොරෝනා වසංගතය රට පුරා පැතිර යන තත්ත්වය හමුවේ මහ මැතිවරණය මෙම කාල වකවානුවේ පැවැත්වීම සුදුසු නොවන බව සිය විශ්වාසය සහ ස්ථාවරය වන්නේ යැයි සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය වෙනුවෙන් එහි භික්ෂු සංසදය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය  මහතා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් අවධාරණය කර සිටියි. 
 
සංඝ සමාජය ප්‍රධාන සර්වාගමික නායකයින්ගේ ස්ථාවරය වී තිබෙන්නේ රටේ සමස්ත ජනතාවටම බියකින් සහ සැකයකින් තොරව කටයුතු කළ හැකි තත්ත්වයක් රටේ උදා වන තුරු මහ මැතිවරණ පැවැත්වීමට කටයුතු නොකරන ලෙස ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින බව ද එම ලිපියේ සඳහන් වේ. 
 
සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවය වෙනුවෙන් එහි ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික කුරුප්පේ රතනපාල සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක මාතලේ ධම්මකුසල යන නා හිමිවරුන් ප්‍රධාන මහා සංඝයා වහන්සේලා  විසි පස් නමකගේ අත්සනින් යුතුව යවා ඇති එම ලිපිය මෙසේය. 

මහ මැතිවරණය කල් තබන්නැයි මහ සංඝ රත්නය ඉල්ලති
 මහ මැතිවරණය කල් තබන්නැයි මහ සංඝ රත්නය ඉල්ලති
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න