අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මහ බැංකු අධිපතිගේ සහයෙන් නහිල් විජේසූරිය අර්ථ සාධකයට කෙළියි..?

මහ බැංකු අධිපතිගේ සහයෙන් නහිල් විජේසූරිය අර්ථ සාධකයට කෙළියි..?

“මැරියට්”හෝටලය සිංගප්පූරු සමාගමකට කුණු කොල්ලයට..! හිටපු ජනපතිනිය එක්ක මනෝ තිත්තවැල්ලත් ගනුදෙනුව පිටු පස..! සේවක අර්ථ සාධකය අනතුරේ-කෝටි ගණනක පාඩුවක්..! සේවක අර්ථ සාධක අරමුදලේ 25%ක ආයෝජනයකින් ද යුතුව…

“මැරියට්”හෝටලය සිංගප්පූරු සමාගමකට කුණු කොල්ලයට..!

හිටපු ජනපතිනිය එක්ක මනෝ තිත්තවැල්ලත් ගනුදෙනුව පිටු පස..!

සේවක අර්ථ සාධකය අනතුරේ-කෝටි ගණනක පාඩුවක්..!

මහ බැංකු අධිපතිගේ සහයෙන් නහිල් විජේසූරිය අර්ථ සාධකයට කෙළියි..?

සේවක අර්ථ සාධක අරමුදලේ 25%ක ආයෝජනයකින් ද යුතුව මාතර, “Weligama Bay Marriott Resort & Spa” හෝටලය සිංගප්පූරු සමාගමකට කුණු කොල්ලයට විකුණා දැමීමේ කූට ගනුදෙනුවක් සම්බන්ධයෙන් “lankanewsweek” වෙත තහවුරු කෙරුණු තොරතුරු වාර්තා වී තිබේ.

නහිල් විජේසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුතු “East West Properties PLC” සමාගම, ලොව ප්‍රකට “Marriott International hotel chain” ආයතනයේ කළමනාකරණය යටතේ සේවක අර්ථ සාධක අරමුදලේ රුපියල් කෝටි 75ක් ඇතුළු කෝටි 300ක ආයෝජනයක් සිදු කරමින් 2014 දී ආරම්භ කරනු ලැබූ මේ හෝටල් ව්‍යාපාරය විකුණා දැමීමට යන්නේ එම ව්‍යාපෘතියේ ශුද්ධ වටිනාකමට වඩා 50%ක් අඩුවෙනි.

සේවක අර්ථ සාධක අරමුදල මගින් සිදු කෙරුණු ආයෝජනයට අදාළව එම අරමුදලට මෙතෙක් සත පහක ලාභයක් හිමිව නොමැති අතර හෝටලය විකුණා දැමීමට යන්නේ එම අරමුදල මගින් සිදු කෙරුණු ආයෝජනයට අඩු තක්සේරුවක් ද ලබා දෙමිනි.

ඒ කියන්නේ ව්‍යාපෘතියේ ශුද්ධ වටිනාකමට වඩා 50%ක් අඩුවෙන් හෝටලය විකුණා එම මුදලින් 25%ක් පමණක් සේවක අර්ථ සාධක අරමුදලට ලබාදීමට සැලසුම් කර ඇති බවය.මේ අනුව සේවක අර්ථ සාධක අරමුදලට රුපියල් කෝටි ගණනක පාඩුවක් විඳ දරා ගැනීමට සිදු වනු ඇති බව ආර්ථික සහ මුල්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.

සේවක අර්ථ සාධක අරමුදල මගින් සිදු කෙරුණු 25%ක ආයෝජනයට අඩු තක්සේරුවක් ද ලබා දෙමින් හෝටල් ව්‍යාපෘතියේ ශුද්ධ වටිනාකමට වඩා 50%ක් ද අඩුවෙන් එම හෝටලය විකුණා දැමීමේ කූට ගනුදෙනුවට විරුද්ධව එම අරමුදල අභ්‍යන්තරයේ උග්‍ර අර්බුදකාරී තත්ත්වයක් ඇති වී තිබේ.

ශ්‍රී ලංකා මහා බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ අනුදැනුම,ආශීර්වාදය සහ සහයෝගය ඇතිව “East West Properties PLC” සමාගමේ සභාපති නහිල් විජේසූරිය මහතා සිදු කිරීමට යන මේ කූට ගනුදෙනුව පිටු පස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහ ඇයගේ සමීපතම සගයකු වන මනෝ තිත්තවැල්ල මහතා ද සිටින බව මහා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් “lankanewsweek” සමග පැවසීය.

මහ බැංකු අධිපතිගේ සහයෙන් නහිල් විජේසූරිය අර්ථ සාධකයට කෙළියි..?
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මහ බැංකු අධිපතිගේ සහයෙන් නහිල් විජේසූරිය අර්ථ සාධකයට කෙළියි..? | Lanka Newsweek