අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මහ බැංකුව බුද්ධිමය දේපොළ කොල්ලකා ලා

මහ බැංකුව බුද්ධිමය දේපොළ කොල්ලකා ලා

මහාචාර්ය මිල්ටන් රාජරත්න චෝදනා කරයි ආර්ථික අර්බුදයේ පළමු විත්තිකරු මහා බැංකුවයි මනූෂ නානායක්කාරටත් චෝදනා ශ්‍රී ලංකා මහා බැංකුව සිය බුද්ධිමය දේපොළ මංකොල්ල කා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මෙහෙයුම්…

මහාචාර්ය මිල්ටන් රාජරත්න චෝදනා කරයි  

ආර්ථික අර්බුදයේ පළමු විත්තිකරු මහා බැංකුවයි 

මනූෂ නානායක්කාරටත් චෝදනා 

මහ බැංකුව බුද්ධිමය දේපොළ කොල්ලකා ලා

ශ්‍රී ලංකා මහා බැංකුව සිය බුද්ධිමය දේපොළ මංකොල්ල කා ඇතැයි  පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මෙහෙයුම් කළමනාකරණ දෙපාර්තම්න්තුවේ, කළමනාකරණ පීඨයේ නිර්මාතෘ සහ පීඨාධිපති මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතා චෝදනා කර සිටියි.

සිය නිල "facebook" ගිණුමේ විශේෂ සටහනක් තබමින් ශ්‍රී ලංකා මහා බැංකුව වෙත මෙම චෝදනාව එල්ල කර සිටින මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතා එහිදී මෙසේ ද කියා සිටියි.

දැන්වීම

රටේ ආර්ථික අර්බුදය විසඳා ගැනීම පිණිස වන ක්ෂණික විසඳුම් රැසක් ගෙවුණු දෙසතියක පමණ කාල සීමාව ඇතුළත  දී මම මුද්‍රිත, විද්‍යුත් සහ සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළෙමි. 

එහි තිබූ විදේශ සංක්‍රාම වර්ධනය කර ගැනීමට අදාළ යෝජනා සහ අදහස් සියල්ල අකුරක් නෑර මහ බැංකුවේ යෝජනා බව කියමින් නව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරනු ලැබ තිබේ. 

ඒ ගැන විමසීමට මනුෂ නානායක්කාර මහතාට දෙවරක් ද, ඔහුගේ මාධ්‍ය ලේකම්ට දෙවරක් ද ඇමතූ නමුත් ඔවුන් ප්‍රතිචාර දැක් වූයේ නැත. මහ බැංකුවට "Smart" අදහස් තිබුණේ නම් මේ රට මෙසේ බංකොලොත් වන්නේ නැත. මෙතෙක් කල් අදහස් නොමැතිව වේලෙමින් තිබූ මහ බැංකුවට එක වර ඥානය පහළ වීමට හේතුවක් නැත. මම නිතර කියන පරිදි ආර්ථික අර්බුදයේ පළමු විත්තිකරු ශ්‍රී ලංකා මහ බැංකුවයි. 

රට බංකොලොත් වූයේ මහ බැංකුවේ බුද්ධිමය බංකොලොත් භාවය නිසාය. එබැවින් මහ බැංකුව මේ වන විට බුද්ධිමය දේපළ මංකොල්ල කමින් සිටී. මගේ බුද්ධිමය දේපොළ මංකොල්ල කෑවා සේම ඔබේ ද බුද්ධිමය දේපළ මංකොල්ල කනවා විය හැක. මගේ යෝජනා රට බංකොලොත් භාවයෙන් මුදවා ගැනීම පිණිස විනා මහ බැංකුව බංකොලොත් භාවයෙන් ගොඩ ගැනීම පිණිස නොවේ. මංකොල්ලකාරී අධිපතියෙකුගෙනුත් මහබැංකුවකිනුත් රටට යහපතක් වේද..?

මහ බැංකුව බුද්ධිමය දේපොළ කොල්ලකා ලා

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මහ බැංකුව බුද්ධිමය දේපොළ කොල්ලකා ලා | Lanka Newsweek