අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මහේෂ් උයන්වත්ත-ආශාන්ති වර්ණසූරිය..!

මහේෂ් උයන්වත්ත-ආශාන්ති වර්ණසූරිය..!

මේ දින වල විකාශනය වන "සිල්ලර සමනල්ලු" හි ටෝනි නම්වූ කළු චරිතය ඔස්සේ ප්‍රේක්ෂකයාට සමීප වී සිටින මහේෂ් උයන්වත්ත "තුත්තිරි" නාට්‍ය ඔස්සේත් "තාරාවෝ ඉගිලෙති" වේදිකා නාට්‍ය ඔස්සේත් මේ දිනවල ජනප්‍රිය…

මේ දින වල විකාශනය වන "සිල්ලර සමනල්ලු" හි ටෝනි නම්වූ කළු චරිතය ඔස්සේ ප්‍රේක්ෂකයාට සමීප වී සිටින මහේෂ් උයන්වත්ත "තුත්තිරි" නාට්‍ය ඔස්සේත් "තාරාවෝ ඉගිලෙති" වේදිකා නාට්‍ය ඔස්සේත් මේ දිනවල ජනප්‍රිය චරිතයක් වී සිටිනවා...ඒ වගේම මහේෂ් උයන්වත්ත කියන්නේ කලාවේ පැති ගණනාවකින් සිය දක්ෂතාවයන් ඉදිරිපත් කරන  කලාකරුවෙක්.

විටකදී අධ්‍යක්‍ෂවරයකුගේ  භූමිකාව රඟ දක්වන ඔහු  තව විටකදී රංගන ශිල්පියකු,පිටපත් රචයකයකු, ගායකයකු වගේම දක්ෂ වාදකයකු ලෙස ද විශාල භූමිකාවක් කරනවා. කලාවට ඇති උන නිසාම කට්ටක් කා ගෙන ගමකින් කොළඹට පැමිණ මතු වූ මෙම රංගන ශිල්පියා මේ වන විටත් "අපේ ආදරේ " නම් වන ටෙලි නාට්‍යයේ සහය අධ්‍යක්‍ෂවරයා ලෙසින් වැඩ කටයුතු කර ගෙන යනවා.

එතකොට අශාන්ති වර්ණසූරිය (ආශ් වරු) කියන්නෙ හුග දෙනෙක් හදුනන දේශපාලන සහ ගවේෂී මාධ්‍යකරණයේ යෙදී සිටින  ජනමාධ්‍යවේදිනියක්. එමෙන්ම අශන්ති වරුණසූරිය නිවේදිකාවක සහ වේදිකා නාට්‍ය ශිල්පිනියක ලෙස ද  ජනප්‍රියව සිටින චරිතයක්...

ඒ අනුව "තාරාවෝ ඉගිලෙති" වේදිකා නාට්‍යයට  මහේෂ්දා උයන්වත්ත දායක වන විට ප්‍රවීණ අධ්‍යක්‍ෂවරයකු වන ඊ.ඩි ශ්‍රියාපලගේ "සුන්දර පලහිලව්ව" නම් වූ  ජනප්‍රිය  වේදිකා නාට්‍යයේ ප්‍රවීණ නිළි මර්සි එදිරිසිංහගේ ප්‍රධාන චරිතයට අශන්ති වර්ණසූරිය දායකව සිටිනවා. ඒ වගේමයි  මේ දිනවල  වේදිකා ගත වන තරංග හේවගේ ගේ  "හරිම බඩු දෙකක්" වේදිකා නාට්‍යයේත්  "මහේෂ් -අශන්ති"ගේ රංගනයක් දැක බලා ගන්න පුළුවන්. විසිරුණු හැකියාවන් ඇති මේ චරිත දෙක එකට ගෙන රනුක විජේවර්ධන නම් වූ ජනප්‍රිය ජායාරූප මාධ්‍යවේදියා ඔහුගේ අළුත්ම shoot එකක් කරලා තිබ්බේ මෙහෙමයි..!

මහේෂ් උයන්වත්ත-ආශාන්ති වර්ණසූරිය..!
මහේෂ් උයන්වත්ත-ආශාන්ති වර්ණසූරිය..!
මහේෂ් උයන්වත්ත-ආශාන්ති වර්ණසූරිය..!
මහේෂ් උයන්වත්ත-ආශාන්ති වර්ණසූරිය..!
මහේෂ් උයන්වත්ත-ආශාන්ති වර්ණසූරිය..!
මහේෂ් උයන්වත්ත-ආශාන්ති වර්ණසූරිය..! මහේෂ් උයන්වත්ත-ආශාන්ති වර්ණසූරිය..! Photography By

-Ranuka Wijewardane-

Mekup By

- trendy u salon kurunegala-

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මහේෂ් උයන්වත්ත-ආශාන්ති වර්ණසූරිය..! | Lanka Newsweek