මහියංගනයේ සිදු වූ මහ අනතුර..!

මහියංගණය - බදුල්ල ප්‍රධාන මාර්ගයේ මහියංගණ මහා විද්‍යාලය ඉදිරිපිටදී අද (17) අලුයම 1.30ට පමණ වෑන්රථයක් හා බස්රථයක් ගැටීමෙන් සිදුවූ මහ අනතුරකින් වෑන්රථයේ ගමන් කළ පුද්ගලයන් 10 දෙනෙකු එම ස්ථානයේදීම…
මහියංගණය - බදුල්ල ප්‍රධාන මාර්ගයේ මහියංගණ මහා විද්‍යාලය ඉදිරිපිටදී අද (17) අලුයම 1.30ට පමණ වෑන්රථයක් හා බස්රථයක් ගැටීමෙන් සිදුවූ මහ අනතුරකින් වෑන්රථයේ ගමන් කළ පුද්ගලයන් 10 දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි මහියංගණ පොලිසිය පවසයි.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ මඩකලපුවේ සිට ජා ඇල සිටින ඥාතීන් පිරිසක් බැහැදැකීමට ගොස් නැවත සිය ගම් පෙදෙස බලා එමින් සිටි පිරිසකි. දියතලාව සිට ත්‍රිකුණාමලය දක්වා ගමන්කරමින් තිබූ පෞද්ගලික බස්රථයේ ගැටුණු වෑන්රථය බස්රථය තුළට පැමිණ ඇතැයි පොලිසිය පවසයි. වෑන්රථයේ රියදුරාට නින්ද ගොස් මාර්ගයේ වැරදි මංතීරුවට රථය ගමන් කිරීම නිසා මෙම අනතුර සිදු වී ඇති බවට පොලිසිය සැක පළ කරයි.
අනතුර සිදුවන අවස්ථාවේ වෑන්රථයේ 12 දෙනෙකු ගමන්කර ඇති අතර ඉන් 10 දෙනෙකු මේ වන විට මිය ගොස් ඇත. ඉතිරි දෙදෙනා අවුරුදු 13 සහ 16 හැවිරිදි ගැහැණු ළමුන් දෙදෙනෙක් වන අතර එම දෙදෙනා මහියංගණ රෝහලට ඇතුලත් කර ඇති අතර එම දෙදෙනාගේ තත්ත්වය බරපතල බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා තුවාලකරුවන් දෙදෙනාම බදුල්ල මහ රෝහල වෙත පිටත්කර යවා තිබේ.
දැන්වීම
මරණයට පත් වූ පිරිස අතර වැඩිහිටියන් 7 දෙනෙකු හා ළමුන් තිදෙනකු ද සිටි. මෘත ශරීර බදුල්ල මහා රෝහලේ තබා ඇති බව ද වාර්තා වේ.
මියගිය පිරිස වන්නේ, ජෝෂප් රෙලින්ටන් ජෝෂප් (56) ,සිල්වියා ජෝෂප් (50), ලිස්ටර් ඇලෙක්සැන්ඩර් (32) නිසාලින් ඇලෙක්සැන්ඩර් (27),හනාලි ඇලෙක්සැන්ඩර් (04),පයිගා ඇලෙක්සැන්ඩර් (04)යුටි ප්‍රින්ස් හෙන්ඩ්‍රික් (48),මරියා පැන්සිස් හෙන්ඩ්‍රික්(42),සෙරබි හෙන්ඩ්‍රික් (10),යුටි ප්‍රින්ස් හෙයිඩ් හෙන්ඩ්‍රික් (19)
මියගිය 10 දෙනා පවුල් තුනකට අයත් පිරිස වෙති. ඔවුන් අතර වයස අවුරුදු 56 ක් සහ 50 ක් වූ අඹු සැමි යුවළක් සිටින අතර ඔවුහු මියගිය දරුවන්ගේ සීයා සහ ආච්චි වෙති. මේ දෙදෙනාම මඩකලපුව පනිච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
තව ද මඩකලපුව ඩවුබාර් පාරේ පදිංචිව සිටි එකම පවුලේ මවත් පියාත්, ඔවුන්ගේ නිවුන් දියණියෝ දෙදෙනාත් යන සිව්දෙනාම අනතුරෙන් එතනම මියගියහ.
අනෙක් පවුල මඩකලපුව රත්නම් පාරේ පදිංචිව සිටි අඹුසැමි යුවළත්, වෑන් රිය පැදවූ ඔවුන්ගේ 19 හැවිරිදි පුතා සහ 10 හැවිරිදි දියණියත් මියගියහ.
අනතුරක් වළක්වා නොගැනීමේ චෝදනාව මත මේ වන විට පෞද්ගලික බස්රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.
මහියංගණය පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.