මහින්ද සමරසිංහ ඉල්ලා අස්වෙයි..!

(හේමන්ත තුසිත කුමාර) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වූ මහින්ද සමරසිංහ සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වීමට සුදානම්ය. මහින්ද සමරසිංහ මහතා මේ වන විට රවිනාථ ආරියසිංහ ගෙන් පසුව…
(හේමන්ත තුසිත කුමාර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වූ මහින්ද සමරසිංහ සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වීමට සුදානම්ය. මහින්ද සමරසිංහ මහතා මේ වන විට රවිනාථ ආරියසිංහ ගෙන් පසුව පුරප්පාඩු වී පවතින අමෙරිකාවේ සහ මෙක්සිකොවේ ශ්‍රී ලංකා තනාපතිවරයා ලෙස පත්වීමට නියමිතය.
සිය ඉල්ලා අස්වීම අයවැය විවාදයෙන් පසුව භාර දීමට මහින්ද සමරසිංහ මන්ත්‍රීවරයා සැලසුම් කර තිබේ.ඔහු මීට පෙර අවස්ථා කිහිපයක දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රාජ්‍ය තාන්ත්‍රීක සේවාවල නිරත විය . එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් පරාජය කිරීමට ද ඔහු විශාල වශයෙන් සටන් කළේය.
ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ මේ වන විට ශ්‍රී ලංකාවට ඇති ලොකුම අභියෝගය මානව හිමිකම් උල්ලංඝනය කළා යැයි චෝදනා කිරීම වන අතර මහින්ද සමරසිංහ වැනි මානව හිමිකම් සමුළු විශාල ගණනක අත්දැකීම් ඇති පුද්ගලයෙකු ඉහත තනතුරට සුදුස්සෙකු වනු ඇත.
මහින්ද සමරසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මනාප ඡන්ද ලැයිස්තුවේ නවවැනි ස්ථානයට පත් වූ ලලිත් වර්ණකුමාර මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන හිමිවීමට නියමිතය.