මහින්ද ශ්රීලනිප අනුශාසකත්වයෙන් පහ කරන්නැයි ඉල්ලති
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(උපුල් බණ්ඩාර) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පළාත් පාලන මැතිවරණයේදී ශ්රී ලංකා පොදු ජන පෙරමුණට ඍජුවම සහය පල කිරීම මත ඔහු ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක ධුරයෙන් පහ කරන්නැයි එම පක්ෂයේ මැති…
(උපුල් බණ්ඩාර)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පළාත් පාලන මැතිවරණයේදී ශ්රී ලංකා පොදු ජන පෙරමුණට ඍජුවම සහය පල කිරීම මත ඔහු ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක ධුරයෙන් පහ කරන්නැයි එම පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් ජනධිපති මෛත්රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලෙමක් කර තිබේ.ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පළාත් පාලන මැතිවරණයේදී සිය පක්ෂයට එරෙහිව ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජයග්රහණය තහවුරු කිරීමට කටයුතු කිරීම මගින් පක්ෂයේ විනය,නීතිය සහ සම්ප්රදාය උල්ලංඝණය කර අති බව ද එම මැති ඇමතිවරුන් ජනධිපති මෛත්රීපාල සිරිසේන මහතා හමුවේ පෙන්වා දී තිබේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1