අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මහින්ද ශ්‍රීලනිපය "Takeover"කරයි-මෛත්‍රී වෙල මැද තනිවේ..!

මහින්ද ශ්‍රීලනිපය "Takeover"කරයි-මෛත්‍රී වෙල මැද තනිවේ..!

පොහොට්ටුව යටතේ මහ මැතිවරණ සටනට බුලත් කොලයට ආරාධනා..! මෛත්‍රී -මහින්ද බලය උරගායි ..! (ශාන්ත සෙනවිරත්න) ඉදිරි මහ මැතිවරණය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධාන "බුලත් කොලය" ලකුණ යටතේ පවතින…

පොහොට්ටුව යටතේ මහ මැතිවරණ සටනට බුලත් කොලයට ආරාධනා..!

මෛත්‍රී -මහින්ද බලය උරගායි ..!

(ශාන්ත සෙනවිරත්න)

ඉදිරි මහ මැතිවරණය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධාන "බුලත් කොලය" ලකුණ යටතේ පවතින එක්සත් ජනතා නිදහස් සන්ධානය "පොහොට්ටුව" ලකුණින් යුතු  ක්‍රියාකාරීව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ කළ යුතු යැයි බැසිල් රාජපක්ෂ මහතා දුමින්ද දිසානායක මහතාට  තරයේ දැනුම් දී තිබේ.

බැසිල් රාජපක්ෂ මහතා මේ බව දැනුම් දී තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසක් සමග දුමින්ද දිසානායක මහතාගේ නිවසේදී ඊයේ (10) රාත්‍රියේ පැවති විශේෂ සාකච්ඡාවකදීය. එම යෝජනාවට දුමින්ද දිසානායක මහතා විරෝධය පළ  කරද්දී බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දී තිබෙන්නේ පාර්ලිමේන්තුවේද,ජන සමාජයේ ද බහුතර බලය තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බවය.

මේ වාද විවාද ඔස්සේ පොදු එකගතාවයකට පැමිණීමට නොහකිවීම හේතුවෙන් බැසිල් රාජපක්ෂ මහතා එම ස්ථානයෙන් වහාම පිටත්ව ගොස් තිබේ.

මේ අතර මේ සිද්ධියෙන් පසුව කොළඹ විජේරාම මාවතේ පිහිටි හ්ජනධිපති නිල නිවසේදී මහින්ද රාජපක්ෂ මහතා, මහාචාර්ය ජි.එල්.පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය නිල වශයෙන් ලබා ගත්  අතර ඊට පෙර එනම් ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ මහතාද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 42 ක් මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග "lankanewsweek" වෙත හෙළි කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මහින්ද ශ්‍රීලනිපය "Takeover"කරයි-මෛත්‍රී වෙල මැද තනිවේ..! | Lanka Newsweek