අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මහින්ද වැඩ අල්ලයි -රට පුරා ජනහමු දහසක්

මහින්ද වැඩ අල්ලයි -රට පුරා ජනහමු දහසක්

(සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් අර්බුදය,රට දේශපාලනය සහ ආර්ථිකයා මුහුණදී සිටින අභියෝග පිළිබදව ජනතාව දැනුවත් කිරීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රටපුරා…

(සුජිත් මංගල ද සිල්වා)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් අර්බුදය,රට  දේශපාලනය සහ ආර්ථිකයා මුහුණදී සිටින අභියෝග පිළිබදව ජනතාව දැනුවත් කිරීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රටපුරා ජනහමු දහසක් පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය සහ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කොට තිබේ. ඉදිරි පළාත්පාලන මැතිවරණය ඉලක්ක කොට ගනිමින් පැවැත්වීමට   නියමිත එම ජනහමු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුරවලින් පහ කෙරුණු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ මැතිවරණ   කොට්ඨාශවලින් ආරම්භ කිරීමට සැලසුම් කොට ඇත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගිවන  එහී ප්‍රථම ජනහමුව පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා කැදවීමෙන්  අනතුරුව කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා නියෝජනය කරන කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ආසනයේදී පැවැත්වීමට සැලසුම් කොට තිබේ..
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මහින්ද වැඩ අල්ලයි -රට පුරා ජනහමු දහසක් | Lanka Newsweek