මහින්ද රාජපක්ෂ “Political God Father” කැදවයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2

දේශපාලන පිම්මකට සැරසෙයි..! අය-වැයේ දී ආණ්ඩුව පෙරළනවා ද නැද්ද..! (සුජිත් මංගල ද සිල්වා) වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සහ සිය පවුලේ උදවියගේ සුව දුක් බැලීම සඳහා ඇමරිකාවේ ගොස් සිටී බැසිල් රාජපක්ෂ මහතාව…
දේශපාලන පිම්මකට සැරසෙයි..!
අය-වැයේ දී ආණ්ඩුව පෙරළනවා ද නැද්ද..!
(සුජිත් මංගල ද සිල්වා)
වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සහ සිය පවුලේ උදවියගේ සුව දුක් බැලීම සඳහා ඇමරිකාවේ ගොස් සිටී බැසිල් රාජපක්ෂ මහතාව වහාම ක්‍රියාත්මක වන පරිදි හදිසියේම කැඳවීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ක්‍රියා කර ඇත්තේ අතිශය වැදගත් දේශපාලන තීන්දුවක් ගැනීමට බව ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
ඔක්තෝබර් මස හය වැනිදා ශ්‍රී ලංකාවට යළි පැමිණීමට නියමිතව සිටී බැසිල් රාජපක්ෂ මහතා අඟහරුවාදා (25) අලුයම හදිසියේම දියිනට පැමිණයේ මහින්ද රාජපක්ෂ මහතාගේ මේ කැඳවීමට අනුවය.මහින්ද රාජපක්ෂ මහතා මෙසේ බැසිල් රාජපක්ෂ මහතා කැඳවා ඇත්තේ 2018 අය-වැය යෝජනාවලියේදී ආණ්ඩුව පෙරළා කෙසේ හෝ බලය ලබා ගන්නා ලෙසට ඒකාබද්ධ විපක්ෂය අභ්‍යන්තරයෙන් සහ පාක්ෂිකයින්ගෙන් එල්ල වන දැඩි බලපෑම හමුවේය.
2018 අය-වැය ඡන්ද විමසීමේදී ආණ්ඩුව පරාජය කර පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා අලුත් ආණ්ඩුවක් ගොඩනගා මහින්ද රාජපක්ෂ මහතා එහි අගමැති ධූරය භාර ගන්නවා ද, නැති නම් මුලින්ම පළාත් සභා මැතිවරණය ජය ගෙන එම ජයග්‍රාහී පිම්මෙන්ම ජනාධිපතිවරණය විශාල ජන මතයකින් ජය ගෙන බලය අල්ලනවා ද යන දේශපාලන උපාය මාර්ග දෙක සමබන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය අභ්‍යන්තරය් මේ වන විට පුළුල් සංවාදයක් ඇතිවී තිබේ.
මෙහිදී බැසිල් රාජපක්ෂ මහතාගේ ස්ථාවරය වී තිබෙන්නේ ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුවට අනිවාර්යයෙන්ම සිදු වන නිසා එම මැතිවරණය ජය ගෙන බලය පෙන්වා අනතුරව පැවැත්වෙන ජනාධිපතිවරණය ඒ පිම්මෙන්ම විශාල ජන මතයකින් ජය ගත යුතු බවය.එවැනි විශාල ජන මතයකින් ජය ගෙන බලය ඇල්ලීමෙන් තොරව රටේ ආර්ථික අර්බුදය ඇතුළු ප්‍රශ්නවලට ඍජු විසඳුම් ලබා දිය නොහැකි බව බැසිල් රාජපක්ෂ මහතාගේ ස්ථාවරය වී තිබේ.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය අවසන් දේශපාලන තීන්දුවකට මෙතෙක් පැමිණ නොමැති අතර තෝරා ගත යුත්තේ කිනම් දේශපාලන උපාය මාර්ගය ද යන්න පිළිබඳව මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර මේ වන විටත් සාකච්ඡා ආරම්භ වී තිබේ.
මේ සමබන්ධයෙන් රාවුෆ් හකීම් සහ රිෂාඩ් බදුයුදීන් යන මහත්වරුන් ඇතුළු සුළු දේශපාලන පක්ෂ නායකයින් සමගම ද එක්සත් ජාතක පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තෝරා ගත් මැති ඇමතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් සමග ද සාකච්ඡා කරන ලෙසට මහින්ද රාජපක්ෂ මහතා බැසිල් රාජපක්ෂ මහතාට උපදෙස් දී තිබේ.
දේශපාලන උපාය උපක්‍රම,ගනුදෙනු සහ කුමන්ත්‍රණවලට (Political Game) අදාළව බැසිල් රාජපක්ෂ මහතා විරුදාවලිය ලබා තිබෙන්නේ “දෙවි පියා” (God Father) ලෙසය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2