මහින්ද රට පුරා ජන රැළි 45ක් අමතයි

(සුමුදු පෙරේරා) පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් රට පුර ජාතික මට්ටමේ ජන රැලි 45ක් සහ ගම් මට්ටමේ ජන හමු 14500ක් පත්වීමට ඒකාබද්ධ විපක්ෂයේ පළාත් පාලන නියෝජිත සංසදය තීරණය කර තිබේ. එක දිස්ත්‍රික්කයක දෙක…
(සුමුදු පෙරේරා)
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් රට පුර ජාතික මට්ටමේ ජන රැලි 45ක් සහ ගම් මට්ටමේ ජන හමු 14500ක් පත්වීමට ඒකාබද්ධ විපක්ෂයේ පළාත් පාලන නියෝජිත සංසදය තීරණය කර තිබේ.
එක දිස්ත්‍රික්කයක දෙක බැගින් සංවිධානය කර ඇති මේ ජාතික මට්ටමේ ජන රැළි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වේ.
දැන්වීම
ඊට අමතරව මැතිවරණ කොට්ඨාශයක ප්‍රචාරක රැළි දෙක බැගි පැවැත්වීමටත් එම රැළි සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන් සහභාගී කරවීමටත් නියමිතය.
කොට්ඨාශ මට්ටමේ ප්‍රචාරක රැලිවලට අමතරව රට පුර ග්‍රාම නිලධාරීවසම් 14022ක් ආවරණය වන පරිදි ජනතාව දැනුම්වත් කිරීමට ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු යොදා ඇත.