මහින්ද-මෝධි හමුව “Photo Session” එකක්ලු..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

දෙපාර්ශවය මුණගැස්සුවේ සලමන් කාන්..! හිටපු ජනපතිට ඉන්දීය අගමැතිගෙන් ලොකු ප්‍රතිචාරයක් නැහැ..! (සුමුදු පෙරේරා) හිටපු ජනධිපාහි මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන නියෝජිත පිරිසට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර…
දෙපාර්ශවය මුණගැස්සුවේ සලමන් කාන්..!
හිටපු ජනපතිට ඉන්දීය අගමැතිගෙන් ලොකු ප්‍රතිචාරයක් නැහැ..!
(සුමුදු පෙරේරා)
හිටපු ජනධිපාහි මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන නියෝජිත පිරිසට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධි මහතාගෙන් සැලකිය යුතු මට්ටමේ සහ වාසිදායක දේශපාලන ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කර සිටියි.
භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතාගේ ආරාධනයකට අනුව ඉන්දිය සංචාරයේ නිරත වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධි මහතා හමු වූයේ බදාදා (12) සවසය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධි මහතා හමු වී තිබෙන්නේ ඉන්දීය සුපිරි නළු සලමන් කාන් මහතා මාර්ගයෙන් වන අතර ඔහුට දුරකතනයෙන් කතා කර එම අවස්ථාව ලබා ගෙන තිබෙන්නේ නාමල් රාජපක්ෂ මහතාය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයා අතර මේ හමුව හුදෙක්ම ඡායාරුප ගැනීමේ අවස්ථාවකට පමණක් සීමා වී ඇති අතර මහින්ද රාජපක්ෂ මහතා සමග මේ අවස්ථාවට එක්වූ මහාචාර්ය ජී.එල් පීරිස් සහ අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන්ට සමීප ආරංචි මාර්ග “lankanewsweek”පැවසුවේ ද එම හමුව සැලකිය යුතු තරම් සාර්ථක එකක් නොවූ බවය.
මේ අතර දෙමළ ජනතාවගේ ප්‍රශ්න සඳහා විසදුම් ලබා නොදී එම ජනතාවට විශාල වශයෙන් අසාධාරණකම් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තමා හමුවීමට මෙසේ අවස්ථාවක් ලබාදීම සම්බන්ධයෙන් ද්‍රවිඩ ජාතික සන්ධානය ඇතුළු ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ දේශපාලන පක්ෂ ශ්‍රී ලංකාවේ විදේශීය තානාපති අංශ හරහා ඉන්දීය රජයට සිය අප්‍රසාදය පළ කර තිබේ.
එම ද්‍රවිඩ දේශපාලන පක්ෂ පෙන්වා දෙන්නේ මේ හමුව හරහා මහින්ද රාජපක්ෂ උත්සහ කළේ උත්සහ කළේ ඉන්දීය රජයේ සහය තමාට තිබෙන බවට රටේ ජනතාවට මවා පා ජනමතයක් ඇති කිරීමට බවය.
මහින්ද රාජපක්ෂ මහතාගේ එම දේශපාලන උපක්‍රමය දැන දැනම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තමා හමුවීමට ඔහුට අවස්ථාව ලබා දීම අනුමත කළ නොහැකිය යන ස්ථාවරයේ එම ද්‍රවිඩ දේශපාලන පක්ෂ සිටින අතර සති අන්ත දෙමළ ජාතික පුවත්පත් සියල්ලම වගේ මේ කාරණය සම්බන්ධයෙන් ඉන්දීය රජය විවේචනයට ලක් කර තිබිණ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
