අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මහින්ද දේශප්‍රිය සිය ධූරයෙන් ඉවත් වෙයි..?

මහින්ද දේශප්‍රිය සිය ධූරයෙන් ඉවත් වෙයි..?

ජනපතිට දැනුම් දෙයි මැතිවරණ කොමසාරිස්ගේ සේවය කථානායක තව දුරටත් අපේක්ෂා කරයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය ධූරයෙන් ඉවත් වීම සඳහා ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව…

ජනපතිට දැනුම් දෙයි

මැතිවරණ කොමසාරිස්ගේ සේවය කථානායක තව දුරටත් අපේක්ෂා කරයි 

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය ධූරයෙන් ඉවත් වීම සඳහා ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව කථානායකවරයා  වෙත දැනුම් දී ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස මෙම ඉල්ලීම පිළිබඳව ප්‍රතිචාර දැක්වු කථානායකවරයා සඳහන් කළේ, මහින්ද දේශප්‍රිය මහතා මෙම අවස්ථාවේදී ස්වකීය ධූරයෙන් ඉවත් නොවී පුර්ණ කාලයම එහි කටයුතු කිරිම සුදුසුය යන්න තම අදහස බවයි.

විශේෂයෙන්ම පසු ගිය ජනාධිපතිවරණය වෙනුවෙන් සභාපතිවරයාගේ නා‍යකත්වය යටතේ මැතිවරණ කොමිෂන් සභාව ඉටු කළ විශිෂ්ඨ කාර්යභාරය අගය කළ කථානායකවරයා සඳහන් කළේ මැතිවරණ ක්‍රියාවලිය තුළ හඳුනා ගෙන ඇති වැදගත් ප්‍රතිසංස්කරණ සිදු කිරිම සඳහාත්, ඉදිරියේදී එළඹෙන තීරණාත්මක මැතිවරණ ප්‍රශස්ත අන්දමින් මෙහෙයවීම සඳහාත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ මෙහෙයවීම ඉතා වැදගත් වනු ඇති බවයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මහින්ද දේශප්‍රිය සිය ධූරයෙන් ඉවත් වෙයි..? | Lanka Newsweek