අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මහින්ද “ගෝඨා-බැසිල්” දෙන්නටම ටිකට් එක දෙයි..!

දින්නා කල් වැඩි නැද්ද මහින්ද..?

සහෝදර සමාගම දෙදරයි..! මහින්ද උදයංග වීරතුංග ගෙන්වන්නේ ගෝඨාට ආදරයකින්ද..? බැසිල් එජාපයේ සහය ඉල්ලයි..? මල්ලිලා ඇණ කොටා ගනිද්දී අයියා හුදකලා වෙයි..! (සුජිත් මංගල ද සිල්වා) ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති…

සහෝදර සමාගම දෙදරයි..!

මහින්ද උදයංග වීරතුංග ගෙන්වන්නේ ගෝඨාට ආදරයකින්ද..?

බැසිල් එජාපයේ සහය ඉල්ලයි..?

මල්ලිලා ඇණ කොටා ගනිද්දී අයියා හුදකලා වෙයි..!

මහින්ද “ගෝඨා-බැසිල්” දෙන්නටම ටිකට් එක දෙයි..!

(සුජිත් මංගල ද සිල්වා)

ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකකම ලබා ගැනීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර ඇතිවී තිබෙන බල අරගලය හමුවේ ඒ දෙදෙනාටම දේශපාලන වශයෙන් උපක්‍රමිකව පහර දී නිහඬ කරමින් ගිළිහී යන සිය බලය යළි තහවුරු කර ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරමින් සිටියි.

මේ බල අරගලය හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ද පවුලේ ද  අභ්‍යන්තරයේ  අර්බුද මතු වී කල්ලිවලට කැඩී යාමත් සමග එම දේශපාලන  බලවේග මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනයෙන් ගිළිහී යමින් තිබීම මේ තත්ත්වයට හේතු වී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16-කණ්ඩායමේ එස් බී දිසානායක සහ දයාසිරි ජයසේකර යන මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් බැසිල් රාජපක්ෂ මහතාට දේශපාලනකිව ප්‍රහාර එල්ල කරමින් සිටින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අනු දැනුම මත වන බවට මේ වන විට  කරුණු හෙළිදරව් වී තිබෙන අතර එම සිද්ධිය මගින් ඔහුගේ මේ දේශපාලන උපක්‍රමය මානව තහවුරු වී තිබේ.

යම් යම් දේශපාලන කරුණු කාරණා මත සිය කණ්ඩායමට බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව දේශපාලන වශයෙන් ප්‍රහාර එල්ල කිරීමට සිදු වන බව මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී ඒ සඳහා අවසර ගෙන තිබෙන්නේ දයාසිරි ජයසේකර මහතාය.

දයාසිරි ජයසේකර මහතාට අතිශය සමීප ආරංචි මාර්ග “lankanewsweek” සමග හෙළි කරමින් කියා සිටියේ ඔහු මේ බව දැනුම් දුන් අවස්ථාවේදී එහි කිසිදු ප්‍රශ්නයක් නොමැති බව මහින්ද රාජපක්ෂ මහතා පැවසූ බවය.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු  ගෝඨාභය රාජපක්ෂ පාර්ශවයෙන් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16-කණ්ඩායමෙන් ද එල්ල වන ප්‍රහාර හමුවේ බැසිල් රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් සහයෝගය ඉල්ලා තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ ඉහළ නායකයින් කිහිප දෙනකු සමග කර ඇති දේශපාලන සාකච්ඡාවලදී බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දී තිබෙන්නේ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ එම පක්ෂයෙන් එල්ල කරන දේශපාලන ප්‍රහාරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16-කණ්ඩායමත් විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු ගෝඨාභය රාජපක්ෂ පාර්ශවයත් ඉලක්ක කර එල්ල කිරීම වැදගත් බවය.

මේ අතර අධිකරණය මගින් රතු වරෙන්තු නිකුත් කර තිබියදීත් ශ්‍රී ලංකාවේ විමර්ශන කණ්ඩායම්වලට පමණක් නොව  ජාත්‍යන්තර පොලීසිට පවා අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන එන්න නොහැකි වූ උදයංග වීරතුංග මහතාව රටට ගෙන්වීමට මහින්ද රාජපක්ෂ මහතා හදිසියේම මැදිහත්වීම දේශපාලන කරළියේ ආන්දෝලනයට තුඩු දී තිබේ.

වහාම ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උදයංග වීරතුංග මහතාට දැනුම් දී තිබෙන බව යහ පාලන වින්දිතයින්ගේ සංවිධානය පැවසූ අතර මහින්ද රාජපක්ෂ මහතා ද ඒ බව ප්‍රසිද්ධියේම තහවුරු කර ඇත.

උදයංග වීරතුංග මහතාගේ මේ පැමිණීමෙන් වැඩිම බලපෑමක් සිදු වනු ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට වන අතර ඊට හේතුව ඔහුට චෝදනා එල්ල වී තිබෙන්නේ යුද සමයේදී  “මිග්” ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීමේදී සිදු කර  ඇතැයි කියන මහ පරිමාණ දුෂණ,වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් වීමය. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට  එල්ල වී තිබෙන ප්‍රධානම චෝදනාව වන්නේ ද මේ චෝදනාවය.

මේ අනුව එවකට රුසියාවේ තානාපතිවරයා ලෙස එවකට ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එක්ව යුද්ධය වෙනුවෙන් යැයි කියා  “මිග්” ප්‍රහාරක ගුවන් යානා ඇතුළු අවි ආයුද මිලදී ගැනීමට අදාළව එල්ල වී තිබෙන මෙම චෝදනා සම්බන්ධයෙන් උදයංග වීරතුංග මහතා ලබා දෙන කටඋත්තර සහ නිදහසට කියන කරුණු ගෝඨාභය රාජපක්ෂ මහතාට කෙසේ බලපාවි ද යන ප්‍රශ්නය සහ සැකය මේ වන විට මතු වී තිබේ.

මේ අතර සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ අනු නායක වෙඬරුවේ උපාලි නා හිමියන් ගෝඨාභය රාජපක්ෂ මහතා අනියමින් ඇඩොල්ෆ් හිට්ලර්ට සමාන කරමින් ඔහුගේ උපන් දින උත්සවයේදී කළ ප්‍රකාශය සලසුම්සගත ක්‍රියාවක් ද යන්න පිළිබඳ සැකය ගෝඨාභය රාජපක්ෂ පාර්ශවය මතු කරමින් සිටියි.

එම ආන්දෝලනාත්මක ප්‍රකාශය මගින් ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි අනියත බියක් ජන සමාජයේ ඇති වූ ආකාරය ද එම ප්‍රකාශය කෙරෙන බව කල් ඇතිව දැන සිටියා වගේ ඊට ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින් එක්සත් ජාතික පක්ෂය ඊට එරෙහිව ඉතා සලසුම්සගතව ගෙන යන ප්‍රචාරක ව්‍යාපාරය කෙරෙහිද ගෝඨාභය රාජපක්ෂ පාර්ශවයේ අවධානය යොමු වී තිබේ.

සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ අනු නායක වෙඬරුවේ උපාලි නා හිමියන් අතිශයින්ම සමීපව සිටින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටය.

මේ අතර ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති Atul Keshap මහතා මීට සති තුනකට පමණ ඉහතදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව කොළඹ විජේරමේ පිහිටි ඔහුගේ නිවසේදී හමු වූ අවස්ථාවේදී ඇමරිකානු රජයේ ස්ථාවරය පැහැදිළි කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ඉදිරිපත් නොකරන ලෙස ඉල්ලා තිබේ.

උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16-කණ්ඩායමේ බහුතරය තීරණය කර තිබේ.

මහින්ද “ගෝඨා-බැසිල්” දෙන්නටම ටිකට් එක දෙයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
මහින්ද “ගෝඨා-බැසිල්” දෙන්නටම ටිකට් එක දෙයි..! | Lanka Newsweek