මහින්දලා චීනයට යුතුකම් ඉටු කරයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3

ඩොලර් මිලියන 100 ඉක්මවූ වරායේ නැංගුරම් ව්‍යපෘති දෙකක් චීනයේ “China Habour” සමාගමට..! ඩොලර් මිලියන 25ක් දී දොඹකර 03ක් “Shanghai Heavy Industries” සමාගමෙන් මිලදී අරන්..! ඉන්දියාව අවධානයෙන් ..! CEMEC…
ඩොලර් මිලියන 100 ඉක්මවූ වරායේ නැංගුරම් ව්‍යපෘති දෙකක් චීනයේ “China Habour” සමාගමට..!
ඩොලර් මිලියන 25ක් දී දොඹකර 03ක් “Shanghai Heavy Industries” සමාගමෙන් මිලදී අරන්..!
ඉන්දියාව අවධානයෙන් ..!
CEMEC චීන සමාගමේ“LU DONG” ගැන විශේෂ හෙළිදරවුවක් ඉදිරියේදී ..!
(රංජිත් ගුණසේකර)
ඇමරිකානු ඩොලර් මිලියන 100 ඉක්ම වූ අති විශාල ප්‍රමාණයේ නාවික නැංගුරම් දෙකක් කොළඹ වරායේ ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව හදිසියේම චීනයේ “China Habour” සමාගමට පැවරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන කැබිනට් මණ්ඩලය යැයි කියන කණ්ඩායම ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ඉන්දීය රජයේ විශේෂ අවධානය යොමුව තිබේ.
නීති විරෝධී අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන කැබිනට් මණ්ඩලය චීනයේ “China Habour” සමාගමට මේ මහා පරිමාණ කොන්ත්‍රාත්තුව ලබා දී තිබෙන්නේ තරඟකාරී සහ පිළිගත් කොන්ත්‍රාත් පදනමක් යටතේ නොවන බව පෙන්වා දෙන කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා මේ හේතුවෙන් රජයට සහ මහ ජනතාවට සිදු වූ පාඩුව මේ සම්බන්ධයෙන් අනීතික ලෙස ක්‍රියා කළ අදාළ මැති ඇමතිවරුන්ගෙන් සහ නිලධාරීන්ගෙන් පෞද්ගලිකව අය කර ගැනීමට පියවර ගන්නා බව ද අවධාරණය කර සිටියේය.
වරාය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මේ ගනුදෙනුවලට අදාළ කැබිනට් පත්‍රිකා කැබිනට් මණ්ඩලය යැයි කියන කණ්ඩායමට ඉදිරිපත් කර ඇති අතර චීනයේ “China Habour” සමාගම සමග ඔහුට විශේෂ සම්බන්ධතාවයක් ද පවතීයි.
මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන ආණ්ඩුව ඇමරිකානු ඩොලර් මිලියන 25.7ක් වටිනා දොඹකර තුනක් ද කොළඹ වරාය වෙනුවෙන් මිල දී ගෙන ඇති අතර එම දොඹකර මිලදී ගෙන තිබෙන්නේ ද චීන සමාගමක් වන “Shanghai Heavy Industries” සමාගමෙනි.
මේ අතර යෝජිත හම්බන්තොට “LNG POWER PLANT” හෙවත් ජාතික විදුලි බල පද්ධතියට “Megawatts 300”ක විදුලි බල ධාරිතාවයක් එක් කෙරෙන ඇමරිකානු ඩොලර් මිලියන 700ක අසතමේන්තුවක් සහිත ස්වභාවික වායු විදුලි බලාගාරය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ලබා ගැනීම සඳහා එවකට උපාය මාර්ගික සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළඳ අමත්‍ය මලික් සමරවික්‍රම මහතා ඇතුළු පිරිසකට අත යට මුදල් රුපියල් කෝටි ගණන් ලබා දෙමින් සිටි බව කියන “CHINA ENGINEERING MACHINERY EQUIPMENT” සමාගමේ ශ්‍රී ලංකාවේ නියෝජිතයා ලෙස කටයුතු කරන “LU DONG” මහතා ද එම ව්‍යාපෘතිය ලබා ගැනීම සඳහා මේ වන විට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පසු පස හඹා යමින් සිටියි.
අවවුරුදු විසි පහකට වඩා පැරණි යල් පැන ගිය උපකරණ යොදා ගනිමින් එවකට මහින්ද රාජපක්ෂ රජය සමයේ පුත්තලම,නොරොච්චෝලේ සුප්‍රසිද්ධ අසාර්ථකම අගල් අඟුරු විදුලි බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ ද මේ “LU DONG” මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු“CHINA ENGINEERING MACHINERY EQUIPMENT” සමාගම වේ.
අසාර්ථක විදුලි බල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකාවට අති විශාල පාඩුවක් සිදු කළ මේ “LU DONG” මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු“CHINA ENGINEERING MACHINERY EQUIPMENT” සමාගමට විදුලි බල මණ්ඩලයේ ද විරෝධය නොතකා මලික් සමරවික්‍රම මහතා හම්බන්තොට “LNG POWER PLANT” ව්‍යාපෘතිය ද එම සමාගමටම ලබාදීමට එදා ඇපකැප වූයේ මලික් සමරවික්‍රම මහතාගේ සියලු අවශ්‍යතා ඉටු කරමින් සහ ඔහුට පහසුකම් සලසමින් ඔහු නඩත්තු කරමින් සිටියේ “LU DONG” මහතා වන නිසාය.
“LU DONG” මහතා මේ හම්බන්තොට “LNG POWER PLANT” ව්‍යපෘතිය සිය සමාගමට ලබා ගැනීම සඳහා මලික් සමරවික්‍රම මහතා හැරුණු කොට හිටපු අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ආර්. පර්ක්ර්ලිංගම් සහ "AGRICO" සමාගමේ දේශීය නියෝජිත සුරේෂ් සුබ්‍රමනියම් යන මහත්වරුන්ටද විවිධ වරප්‍රසාද සහ වරදාන ලබා දී තිබෙන අතර විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාටද විශාල වශයෙන් අනුග්‍රහය දක්වා ඇත.
මලික් සමරවික්‍රම මහතා හැරුණු කොට මේ “LU DONG” මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේද සමීපතමයෙක් වේ.
ශ්‍රී ලංකාවේ විවිධ සංවර්ධන ව්‍යාපෘති කෙසේ හෝ සිය“CHINA ENGINEERING MACHINERY EQUIPMENT” සමාගමට ලබා ගැනීම සඳහා "LU DONG” මහතා දේශපාලන නායකයින්ට සහ රජයේ නිලධාරීන්ට විවිධ වරදාන,වරප්‍රසාද සහ අල්ලස් ලබා දීමේ තොරතුරු රැසක් "lankanewsweek" සතුව තිබෙන අතර ඉදිරියේදී අපි මේ චීන ජාතිකයා පිළිබඳව එම තොරතුරු අලලා විශේෂ හෙළිදරවුවක් කරන්නෙමු.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3