අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මහින්දලාගේ බැඳුම්කර සෙල්ලම් ද ලෙල්ලම් වෙයි

මහින්ද නිසා කොමියුනිස්ට් පක්ෂයත් දෙකඩ වෙයි

(සුජිත් මංගල ද සිල්වා) මහින්ද රාජපක්ෂ පාලන සමයේදී සිදු කෙරුණු මහා බැංකු බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය මගින් මේ වන විට වෝහාරික විගණනයක් ආරම්භ කරනු…

(සුජිත් මංගල ද සිල්වා)

මහින්ද රාජපක්ෂ පාලන සමයේදී සිදු කෙරුණු මහා බැංකු බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය මගින් මේ වන විට  වෝහාරික විගණනයක් ආරම්භ කරනු ලැබ තිබේ.

ඒ අනුව 2008 වසරේ සිට 2014 වසර දක්වා වූ කාලය ඇතුළත දී ශ්‍රී ලංකා මහා බැංකුව මගින්  රුපියල් බිලියන පන්දහස් එකසිය හතලිස් හතක (5,147,751,210,000/-) බැඳුම්කර නිකුත් කිරීමේ දී  වංචාවක් හෝ වරදක් හෝ සිදුව ඇත්දැයි මේ වෝහාරික විගණනයේ දී පරීක්ෂා කෙරේ.

දැන්වීම

මෙම කාලය ඇතුලත දී  රුපියල් බිලියන පන්දහස් එකසිය හතලිස් හතක (5,147,751,210,000/-) මහා බැංකු  බැඳුම්කර නිකුත් කර තිබෙන අතර ඉන් රුපියල් බිලියන හාරදහස් හත්සිය දෙකක (4,702,232,210,000/-)ක,එනම් 90%ට වැඩ වැඩි ප්‍රතිශතයක්  නිකුත් කර තිබෙන්නේ පුද්ගලික සෘජු නිකුත් කිරීමේ ක්‍රමය යටතේය.

මීට අමතරව 2016 වසරේ මාර්තු මාසයේ පැවැති මහා බැංකු බැඳුම්කර  නිකුතුව සම්බන්ධයෙන්ද වෝහාරික විගණනයක් ආරම්භ කර තිබෙන බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න