මහින්දගේ මන්ත්‍රී ධූරය මෛත්‍රී රැක දෙයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

විපක්ෂ නායක ධූරයට තිබූ බාධා ඉවත් කරයි..! මහින්ද රාජපක්ෂ ශ්‍රීලනිප සාමාජිකයෙකු බව කතානායකට දැනුම් දෙයි..! (සුජිත් මංගල ද සිල්වා) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන…
විපක්ෂ නායක ධූරයට තිබූ බාධා ඉවත් කරයි..!
මහින්ද රාජපක්ෂ ශ්‍රීලනිප සාමාජිකයෙකු බව කතානායකට දැනුම් දෙයි..!
(සුජිත් මංගල ද සිල්වා)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයෙකු බව තහවුරු කරමින් එම සන්ධානයේ මහා ලේකම් මහින්ද අමරවීර මහතා විසින් කතානායක කරු ජයසූරිය මහතා වෙත ලිඛිතව දැනුම් දෙනු ලැබ තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහා ලේකම් මහින්ද අමරවීර මහතා මේ පියවර ගෙන තිබෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් සහ නියෝගය මත බව ජනාධිපති කාර්යාලයේ ජෙය්ෂ්ඨ ප්‍රකාශකයෙක් "lankanewsweek "සමග පැවසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ පියවර ගෙන තිබෙන්නේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත් බවට මුද්‍රිත, විද්‍යුත් සහ වෙබ් අඩවි ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබෙන වාර්තා මත පදනම්ව ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ද අහෝසි වීමට නියමිත බැවින් ඔහුට විපක්ෂ නායක ධූරය දැරීමට නිත්‍යානුකුල සහ සම්ප්‍රදායානුකූල අයිතියක් නොමැති බව කියමින් එක්සත් ජාතික පෙරමුණ වගේම ද්‍රවිඩ ජාතික සන්ධානය පාර්ලිමේන්තුවේ ගෙන යන ක්‍රියාදාමයට එරෙහිවය.
යම් පුද්ගලයෙක් යම් කිසි දේශපාලන පක්ෂයක සාමාජිකත්වය තව දුරටත් දරන බව එම දේශපාලන පක්ෂයේ මහා ලේකම්වරයා ලිකිතව සහ වාචිකව තහවුරු කරන්නේ නම් එම පුද්ගලයා තවත් දේශපාලන පක්ෂයක සාමාජිකත්වය ලබා ගත් බවට පළ වී ඇති සහ පළ වෙමින් පවතින මාධ්‍ය ජනමාධ්‍ය වාර්තාවල කිසිදු පදනමක් නොමැති බව පෙන්වා දෙන නීති විශාරදයෝ එවැනි සිද්ධියක් මත පමණක් නොව කිසිම සිද්ධියක් මත පදනම්ව යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ධුරය අහෝසි කළ හැක්කේ හෝ නොහැක්කේ අධිකරණයට විනා පාර්ලිමේන්තුවට හෝ අදාළ දේශපාලන පක්ෂයට නොවන බවද අවධාරණය කළහ.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත එක්සත් ජනතා නිදහස් පක්ෂයේ මහා ලේකම්වරයා කතානායකවරයා වෙත කර ඇති මේ ලිඛිත දැනුම්දීම අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂනායක ධූරය දැරීමට කිසිදු බාධාවක් ඇති නොවන අතර ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වීමට තිබුණු අවධානම ද සම්පුර්ණයෙන්ම අවසන් වන බව එම නීති විශාරදයෝ පෙන්වා දෙති.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1