මහින්දගේ නිල නිවස CID එකට ගන්න අපි කතා උනේ නෑ - නලින්ද
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

කැබිනට් එකේදී මහින්දගේ නිල නිවස CID එකට ගන්න කතාවක් කතා කරලා නෑ..! අමාත්‍යංශ මට්ටමින් උනාද කියන්න මම දැන් නෑ..! (අචින්ත මධුර) අද (04) දින සමාජ මාධ්‍ය තුල වාර්තා වී තිබුණු හිටපු ජනාධිපති මහින්ද…
කැබිනට් එකේදී මහින්දගේ නිල නිවස CID එකට ගන්න කතාවක් කතා කරලා නෑ..!
අමාත්‍යංශ මට්ටමින් උනාද කියන්න මම දැන් නෑ..!
(අචින්ත මධුර)
අද (04) දින සමාජ මාධ්‍ය තුල වාර්තා වී තිබුණු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බවට වූ පුවත සම්බන්ධයෙන් අද (04) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතාගෙන් මාධ්‍ය වේදීන් විමසූ අවස්ථාවේදී අමාත්‍ය වරයා ප්‍රකාශ කළේ තමා එවැන්නක් පිළිබඳව නොදන්නා බවයි. එහිදී කරුණු දැක්වූ ඒ මහතා,
"දැනට එහෙම සාකච්ඡාවක් කැබිනට් මණ්ඩලේ සිදු වුණේ නැහැ. මං දන්නෑ අමාත්‍යංශ මට්ටමෙන් සාකච්ඡාවක් වුණාද කියන එක ඒ ගැන වාර්තා වෙලා නැහැ මට."
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1