අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මහින්දගේ ගෝලයන්ට නවීන්ගෙන් පඬුරු පාක්කුඩම්..!

මහින්දගේ ගෝලයන්ට නවීන්ගෙන් පඬුරු පාක්කුඩම්..!

සජිත්ට වඩා තමා ජනප්‍රිය බව නවීන් කියයි..! කෝප්‍රල් සේනක විජේසිංහ මාධ්‍ය නිලධාරී තනතුරට..! මාධ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ධූරයට උදිත චන්දිමාල්..! පුණ්‍යා සමරකෝන් සම්බන්ධීකරණ ලේකම්..! "අවුරුදු නමයක් මහින්ද…

සජිත්ට වඩා තමා ජනප්‍රිය බව නවීන් කියයි..!

කෝප්‍රල් සේනක විජේසිංහ මාධ්‍ය නිලධාරී තනතුරට..!

මාධ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ධූරයට උදිත චන්දිමාල්..!

 පුණ්‍යා සමරකෝන් සම්බන්ධීකරණ ලේකම්..!

"අවුරුදු නමයක් මහින්ද එක්ක නිදි වැදුණු නවීන් සජිත්ට කරන අභියෝගය විහිළුවක්" 

මහින්දගේ ගෝලයන්ට නවීන්ගෙන් පඬුරු පාක්කුඩම්..!

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ එම පවුලේ සමීපතමයින් පිරිසකට සිය අමාත්‍ය කාර්ය මණ්ඩලයේ ඉහළම තනතුරු ගණනාවක් ප්‍රධානය කර තිබේ.

ඒ මහින්ද රාජපක්ෂ පාලන සමයේ ශ්‍රී ලංකා යුද හමුදාවෙන් කලක් මුළුල්ලේ මාසික වැටුප් සහ දීමනා  ඇතුළු වරප්‍රසාද ලබා ගත්තේ යැයි කියන ප්‍රවීණ කලාකරු සේනක විජේසිංහ,මහින්ද රාජපක්ෂ රජය වෙනුවෙන් ප්‍රචාරක ව්‍යාපාර ක්‍රියාත්මක කළ උදිත චන්දිමාල් සහ එවකට වැවිලි කර්මාන්ත අමාත්‍යවරයාව සිටි ජගත් පුෂ්පකුමාර මහතාගේ අතිශය සමීපතම අධාරකාරිනියක් වූ පුණ්‍යා සමරකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසකටය.

උදිත චන්දිමාල් මහතා සිය මාධ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස ද සේනක විජේසිංහ මහතා මාධ්‍ය නිලධාරියා ලෙස ද පත් කර ගෙන ඇති නවීන් දිසානායක මහතා පුණ්‍යා සමරකෝන් මහත්මිය පත් කර ගෙන සිටින්නේ සිය සම්බන්ධීකරණ නිලධාරිනිය ලෙසටය.

සිය දේශපාලන ප්‍රතිරූපය ජනමාධ්‍ය ඔස්සේ ගොඩනැංවීමේ අරමුණින් නවීන් දිසානායක මහතා  මාධ්‍ය ක්ෂේත්‍රයට අදාළව මේ තිදෙනාම පත් කර ගෙන සිටින්නේ නිල වශයෙන් තවත් මාධ්‍ය නිලධාරියෙකු ද සිටියදීය. උදිත චන්දිමාල් මහතාට පමණක් රුපියල් 1,60,000ක මාසික වැටුපක් සහ ඉන්ධන සහිතව අති සුඛෝපභෝගී කාර් රථයක් ලබා දී තිබෙන්නේ රජයේ වියදමෙනි.

උදිත චන්දිමාල් මහතා මේ තනතුර භාර ගෙන තිබෙන්නේ සතියකට දින දෙකක් පමණක් සේවයට වාර්තා කිරීමේ සහ තමා මේ මාධ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ධූරයේ කටයුතු කිරීම රහසක් ලෙස තබා ගැනීමේ කොන්දේසි දෙකට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා එකඟ කරවා ගැනීමෙනි.

මේ අතර සේනක විජේසිංහ මහතා  සිවිල් පදනම මත හමුදා ගත කර ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වේච්ඡා බලකා මුලස්ථානය වෙත බදවා  ගැනීමට කටයුතු කරන්නැයි මේජර් ජනරාල් ඩබ්ලියු ජී ජී ප්‍රනාන්දු මහතා එවකට රාජ්‍ය ආරක්ෂක,මහජන ආරක්ෂාව,නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යංශයේ  හමුදා සම්බන්ධතා නිලධාරියා ලෙස ආරක්ෂක ලේකම්වරයා වෙනුවට අත්සන් කරමින් යුද හමුදාපතිවරයාට දැනුම් දී තිබිණ.

එවකට ආරක්ෂක ලේකම් ගෝඪභය රාජපක්ෂ මහතාගේ නියෝගය මත මේ පියවර ගන්නා බව  BOX අංක 572 සහ “එම්එල්ඩී/එම්ඕඩී/2/1 (බ/ගැ)” යන “මගේ අංකය”යටතේ මේජර් ජනරාල් ඩබ්ලියු ජී ජී ප්‍රනාන්දු මහතා 2008 නොවැම්බර් මාසයේදී යුද හමුදාපතිවරයාට යැවූ ලිපියේ ඒ බව පැහැදිලිව සඳහන්  වන අතර එම ලිපිය පහතින් දැක්වේ.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ කෝප්‍රල් ඇතුළු විවිධ නිලතලවලට අනුයුක්ත වෙමින්  සේනක විජේසිංහ මහතා ඇතුළු කලාකරුවන් පිරිසක් මසකට රුපියල් 60,000ක මූලික වැටුපක්,රියදුරු සමග වාහනයක් සහ ඉන්ධන ඇතුළු වරප්‍රසාද රැසක් ලබාගෙන තිබුණේ මහින්ද රාජපක්ෂ පාලනය වෙනුවෙන් පෙනී සිටීමේ එකඟතාවය මතය.

මේ අතර සිය දේශපාලන ප්‍රතිරූපය වර්ධනය කර ගැනීමට අදාළව දිවයිනේ සුප්‍රසිද්ධ ප්‍රචාරණ,දැන්වීම්කරණ සහ වෙළඳ  ආයතන ප්‍රධානීන් ගණනාවක් සමග වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ පැවැත් වූ සාකච්ඡාවක දී, රටේත් ජන සමාජයේත් සජිත් ප්‍රේමදාසට වඩා  ජනප්‍රියභාවයෙන්  තමා ඉදිරියට පැමිණ තිබෙනවා  නේදැයි නවීන් දිසානායක මහතා විමසා ඇත.

එම අවස්ථාවට එක්වූ එක්තරා  ප්‍රචාරණ,දැන්වීම්කරණ සහ වෙළඳ  ආයතනයක ප්‍රධානියකු “lankanewsweek” සමග පැවසුවේ නවීන් දිසානායක මහතාගේ එම ප්‍රශ්නය හමුවේ සියලු දෙන මොහොතකට තුස්නිම්භුත වූ බවය.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකුගෙන් “lankanewsweek” කළ විමසීමකදී ඔහු පැවසුවේ නවීන් දිසානායක මහතා පක්ෂය අත හැර ගොස් අවුරුදු නමයක් මුළුල්ලේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ විවිධ ඇමතිකම් දරමින් වරප්‍රසාද රැසක් බුක්ති වින්ද  නිසා ඔහුට කරන කෘත ගුණ දැක්වීමක් ලෙස ඔහුගේ සමීපතමයින්ට මෙසේ තනතුරු ලබා දුන්නා විය හැකි බවය.

එක්සත් ජාතික පාක්ෂිකයින් සහ පක්ෂය දුක් විඳිද්දී ඉතිහාසයේ මහාම දේශපාලන පාවාදීම සිදු කර මහින්ද රාජපක්ෂ සමග අවුරුදු නමයක් නිදි වදිමින්, උපරිම වරදාන සහ වරප්‍රසාද බුක්ති විඳ ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ බලය ගිළි හෙන විට රෙජීමය ද පාවා දී පක්ෂයට යළි පැමිණ කැබිනට් අමත්‍ය ධූරයක් ලබා ගෙන එම අමාත්‍ය ධූරයෙන් ද පක්ෂය නොව තමා පුම්බා ගැනීමට දිවා රෑ මාන බලන නවීන් දිසානායක මහතා,සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරමින් පක්ෂයේ නායකයා වීමට දරන උත්සාහය විහිළුවක් බව ද,මේ අවස්ථාවේදී එදා ගාමිණී දිසානායකලා රණසිංහ ප්‍රේමදාස මහතාට එල්ල කළ පීඩනය තමාට සිහියට නැගෙන බව ද හෙතෙම අවධාරණය කළේය.

එක්සත් ජාතික පක්ෂයේ අභිනව ජාතික සංවිධායක නවීන් දිසානායක මහතාගේ හොඳ හොඳ සෙල්ලම් ගැන තවත් තොරතුරු රැසක් “lankanewsweek” සතුව පවතින අතර ඒ සියල්ල ක්‍රමානුකුලව අපි ඉදිරියේදී හෙළිදරව් කරන්නෙමු.

මහින්දගේ ගෝලයන්ට නවීන්ගෙන් පඬුරු පාක්කුඩම්..!

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
මහින්දගේ ගෝලයන්ට නවීන්ගෙන් පඬුරු පාක්කුඩම්..! | Lanka Newsweek