අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

“මහින්දගේ කාලයට වඩා අදටත් පෙට්ට්‍රල් රුපියල් 20ක් අඩුයි”

“මහින්දගේ කාලයට වඩා අදටත් පෙට්ට්‍රල් රුපියල් 20ක් අඩුයි”

රටේ විදේශ වත්කම් ඩොලර් බිලයන 11 ට නැගලා..! (සුජිත් මංගල ද සිල්වා) යහ පාලන ආණ්ඩුව අදටත් පෙට්ට්‍රල් ලීටරයක් ජනතාවට ලබා දෙන්නේ මහින්ද රාජපක්ෂගේ කාලයට වඩා රුපියල් 20ක් අඩුවෙන් යැයි අග්‍රාමාත්‍ය රනිල්…

රටේ විදේශ වත්කම් ඩොලර් බිලයන 11 ට නැගලා..!

(සුජිත් මංගල ද සිල්වා)

යහ පාලන ආණ්ඩුව අදටත් පෙට්ට්‍රල් ලීටරයක් ජනතාවට ලබා දෙන්නේ මහින්ද රාජපක්ෂගේ කාලයට වඩා රුපියල් 20ක් අඩුවෙන් යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පෙන්වා දුන්නේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් සමග අරලිය ගහ මන්දිරයේ පැවැත් වූ විශේෂ සාකච්ඡාවකදීය.

එහිදී වැඩි දුරටත් රටේ ආර්ථිකය පිළබඳව විග්‍රහයක යෙදුණු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම මැති ඇමතිවරුන් හමුවේ මෙසේ ද කීය.

“මහින්ද රාජපක්ෂගෙ පාලන කාලයේ බොර   තෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 60 යි. එසේ තිබියදීත් ඒ අය එදා  පෙට්රල් ලීටරයක් ජනතාවට දුන්නේ  රුපියල් 157 ට කියා බොහෝ අයට අමතකයි.

නමුත් මේ වන විට බොරතෙල්  බැරලයක මිල ඇමරිකානු  ඩොලර් 78 දක්වා වැඩි වෙලා. ඒත් අපේ ආණ්ඩුව පෙට්ට්‍රල් ලීටරයක් ජනතාවට දෙන්නේ  රුපියල්  137 ට. ඒ අනුව යහ පාලන ආණ්ඩුව අදටත්  ජනතාවට තෙල් ලබා දෙන්නේ  එදාට වඩා අඩුවටයි.සමහර ජනමාධ්‍ය මහින්ද රාජපක්ෂලාගේ අවශ්‍යතාවයට මේ ඇත්ත වසන් කරමින් තෙල් මිල ප්‍රශ්නයක් ලෙස   ඇවිස්සුවට ජනතාව සත්‍ය දන්නවා.

විපක්ෂයට බලය නැතිව  පුදුම අමාරුවක් තියෙන්නේ. මේ වන විට ඇමරිකානු  ඩොලර් බිලියන 11ක නිල විදේශ  සංචිත රටට තියෙනවා. ආර්ථිකය හසුරුවා ගැනීමට නොහැකිව  වසර දෙකකකට කලින් ජනාධිපතිවරණය පවත්වා  පැරදුණු අය අද ආර්ථිකය හසුරු වන හැටි ගැන අපට බණ දේශනා කිරීම  විහිළුවක්.

වැඩිම අපනයන ආදායම මේ රජය ලබා ගත්තා. ඩොලර් දස ලක්ෂ 1900 ක වැඩිම ආයෝජනයත් අපේ ආණ්ඩුව  ගෙනාවා. මහින්ද රාජපක්ෂ යුගයේ බලෙන් රැකියාවලට පුරවල ආර්ථිකය විනාශ කළා.

ඒත් යහ පාලන ආණ්ඩුව  පුරප්පාඩුවලට සහ  අලුත් රැකියා ඇති කරලයි බදවා ගැනීම් කරන්නේ. ගංවතුර, නියගය සහ  කුණු කන්ද කඩා වැටීම ඇතුළු අභියෝග මැදයි අප මේ ජයග්‍රහණ ගත්තේ. ණයත් ගෙවල රටේ සංවර්ධනයටත් මුදල් යොදවන රටක් අප ඇති කළා. ජනතාවට ඉක්මනින් ඒ ප්‍රතිලාභ ලැබේවි. ”

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
“මහින්දගේ කාලයට වඩා අදටත් පෙට්ට්‍රල් රුපියල් 20ක් අඩුයි” | Lanka Newsweek