මහින්දගෙන් රූපවාහිනියට රුපියල් කෝටි 36ක පොල්ලක්

(රංජිත් ගුණවර්ධන) 2015 ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තරග කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රවර්ධන කටයුතු සදහා ශී‍්‍ර ලංකා රූපවාහිනී…
(රංජිත් ගුණවර්ධන)
2015 ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තරග කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රවර්ධන කටයුතු සදහා ශී‍්‍ර ලංකා රූපවාහිනී සංස්ථාව රැපියල් කෝටි 34 ඉක්මවූ ගුවන් කාලයක් නොමිලේ ලබාදී ඇති බව රෑපවාහිනි දෙපාර්තමේන්තුව කළ නිරීක්ෂණයක දී අනාවරණ වී තිබේ.
මීට අමතරව රෑපවාහිනි වැඩ සහනක් ලෙස හදුන්වා දෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිරූපය වර්ධනය කිරීම සදහා රැපියල් කෝටි 2 ඉක්මවූ වටිනා විකාශන කාලයක් ද නොමිලයේ ලබාදී ඇති බවද එම නිරීක්ෂණයේදී හෙළි වී ඇත.
මේ පිළිබදව විමසීම සදහා එවකට රූපවාහිනී සංස්ථාවේ අධ්යක්ෂ ජනාරාල් වරයා ලෙස කටයුතු කළ චන්ද්‍රපාල ලියනගේ මහතා දුරකථනයට සම්බන්ධ කර ගැනීමට අප දැරූ උත්සාහය නිශ්ඵල වූ අතර අදාළ ගුවන් කාලය නොමිලයේ ලබාදීම පිළිබද රූපවාහිනී සංස්ථාවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් නලින් කුමාර නිශ්ශංක මහතා ප්‍රකාළ කළේ එම ගුවන් කාලය වෙන් කිරීම ඉහළ නියෝග මත සිදුවීම නිසා තමා අදාළ ගුවන් කාලය වෙන් කිරීම පිළිබදව නොදන්නා බවයි.