මහින්දගෙන් රනිල්ට ප්‍රහාරයක්

ජනතාව මත උහුලා ගත නොහැකි බරක් පටවලා ජනපතිවණයයි මහා මැතිවරණයයි දෙකම දිනන්නේ පොදු පෙරමුණයි නාමල් රාජපක්ෂට තව කාලය තිබෙනවා පොදු පෙරමුණේ අපේක්ෂකයා කවුද කියා නිසි වේලාවට කියනවා ජනාධිපතිවරයා ප්‍රධාන රජය…
ජනතාව මත උහුලා ගත නොහැකි බරක් පටවලා
ජනපතිවණයයි මහා මැතිවරණයයි දෙකම දිනන්නේ පොදු පෙරමුණයි
නාමල් රාජපක්ෂට තව කාලය තිබෙනවා
පොදු පෙරමුණේ අපේක්ෂකයා කවුද කියා නිසි වේලාවට කියනවා
ජනාධිපතිවරයා ප්‍රධාන රජය ජනතාව මත පටවා ඇති ජීවන බර ඔවුන්ට දරා ගත නොහැකි යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ, ඇල්ලේ ගුණවංශ නා හිමියන් බැහැදැකීමෙන් අනතුරුව ජනමාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
ජනාධිපතිවරණයට හෝ වේවා මහා මැතිවරණයට හෝ වේවා ඕනෑම මැතිවරණයකට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සූදානම් යැයි ද, ඒ වගේම ඒ මැතිවරණ ජයග්‍රහණය කරන්නේ යැයි ද, ජනතාව සිටින්නේ කවුරුන් සමග ද කියා සියලු දෙනා දන්නේ යැයි ද මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ රටේ නායකත්වයට පත්වීමට නාමල් රජපක්ෂ මහතාට තව කාලය තිබෙන්නේ යැයි ද, සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද කියා නිසි වේලාවට කියන්නේ යැයි ද මහින්ද රාජපක්ෂ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.