මහිදගේ පරාජයට හේතුව රැවටිල්ලයි..!

(අශන්ති වර්ණසුරිය) ජනාධිපතිවරණය වගේම මෙවර පළාත් පාලන මැතිවරණයත් මහින්ද රාජපක්ෂලා පරාජය වන්නේ රැවටිල්ල නිසාම යැයි ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා…
(අශන්ති වර්ණසුරිය)
ජනාධිපතිවරණය වගේම මෙවර පළාත් පාලන මැතිවරණයත් මහින්ද රාජපක්ෂලා පරාජය වන්නේ රැවටිල්ල නිසාම යැයි ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.
“lankanewsweek” සමග සංවාදයකට එක්වෙමින් මේ බව පැවසූ අජිත් මාන්නප්පෙරුම මහතා මෙසේ ද කීය.
දැන්වීම
අපිම අපේ වැරදි පෙන්වා දෙනවා...ඉතිං හොද නැත්ද ? ජේසුස් වහන්සේ වටාත් පාවා දෙන්නන් හිටියනේ...ඒ නිසා රාජ්‍ය විසින්ම රාජ්‍යයේ හොරකම් අල්ලන්න අද යාන්ත්‍රණයක් සකස් කරලා තිබෙනවා.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය පරාජය වුණේ රැවටීම නිසයි.ඒ වගේම පළාත් පාලන මැතිවරණය මෙවර පොහොට්ටුවෙන් පරාජය වන්නේ ද රැවටිලි නිසයි.
එදා මහින්ද රාජපක්ෂලා සිය ගෝලබාලයින් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට යොදා ගෙන හොරකම් සියල්ල යට ගැසුව. එනමුත් වත්මන් රජය , රාජ්‍යයේම අඩුපාඩු පේනවා දෙන තරමට විනිවිද භාවයෙන් යුතුව කටයුතු කරනවා.ඒ නිසාම රජයක් ලෙස අප සියල්ලන්ගෙන්ම දෝෂාරෝපණයට ලක් වනවා.
එක්සත් ජාතික පක්ෂය කවදාවත් හොරකම් වසා ගන්නට උත්සහ කරන්නේ නැහැ. ඒ වෙනුවට වත්මන් රජය සිය පාලනය යටතේ සිදු වන හොරකම් ද අල්ලමින් හොරකම් සංස්කෘතිය අවසන් කරන්න කටයුතු කරනවා.එක්සත් ජාතික පක්ෂය නිවැරදි පාලනයකට අවශ්‍ය යාන්ත්‍රණයක් මේ වන විට සකස් කර තිබෙනවා. ඒ ඔස්සේ රට නිවැරදි පාලනයකට අවතීර්ණය වෙමින් තිබෙනවා.