අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මහා වැස්සෙන් 4ක් මරුට-21,000ක් අවතැන්

මහා වැස්සෙන් 4ක් මරුට-21,000ක් අවතැන්

මහ වැසි, තද සුළං සහ අකුණු අනතුරු හේතුවෙන් දිස්ත්‍රික්ක 11 ක පවුල් 5,212කට අයත්, 21,888 දෙනකු පීඩාවට පත්ව ඇති අතර සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ අතරින් අවතැන් වූ…

මහ වැසි, තද සුළං සහ අකුණු අනතුරු හේතුවෙන් දිස්ත්‍රික්ක 11 ක පවුල් 5,212කට අයත්, 21,888 දෙනකු පීඩාවට පත්ව ඇති අතර සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ අතරින් අවතැන් වූ පවුල් 64කට අයත් පුද්ගලයින් 264 දෙනකු ආරක්ෂිත ස්ථාන 4ක රඳවා සිටින බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි. හම්බන්තොට, ගාල්ල, ත්‍රිකුණාමලය, කිලිනොච්චිය, ගම්පහ, කොළඹ, කළුතර, කෑගල්ල, රත්නපුර, පුත්තලම සහ මහනුවර දිස්ත්‍රික්කවල ජනතාව මෙලෙස පීඩාවට පත්ව සිටිති.

මෙම ආපදා තත්වයෙන් නිවාස 117කට අර්ධ හානි සිදුව, තවත් නිවාස 2ක් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

මහා වැස්සෙන් වැඩිම පීඩාවක් සිදුව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට වන අතර එම දිස්ත්‍රික්කයේ පවුල් 4,608කට අයත් 19,585 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ද හෙතෙම සඳහන් කළේය. 
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මහා වැස්සෙන් 4ක් මරුට-21,000ක් අවතැන් | Lanka Newsweek