මහා මැතිවරණයෙන් පසු රවී කෘත්‍යාධිකාරියට කැඳවා නැහැ

භූතයින් දෙදෙනාගේ කුමන්ත්‍රණයක්ලු..! රනිල් ප්‍රාණ ඇපකාරයෙකු කර ගෙනලු..! කවුද මේ භූතයින්-අප ඉදිරියේ දී හෙළි කරනවා මහා මැතිවරණයෙන් පසුව පැවති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම් කිසිවකට එම…
භූතයින් දෙදෙනාගේ කුමන්ත්‍රණයක්ලු..!
රනිල් ප්‍රාණ ඇපකාරයෙකු කර ගෙනලු..!
කවුද මේ භූතයින්-අප ඉදිරියේ දී හෙළි කරනවා
මහා මැතිවරණයෙන් පසුව පැවති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම් කිසිවකට එම පක්ෂයේ ජාතික මහා ලේකම්, හිටපු මුදල් අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාට ආරාධනා කර නොමැත.
එක්සත් ජාතික පක්ෂය විනාශ කරන භූතයින් දෙදෙනා මේ කුමන්ත්‍රණය පිටු පස සිටින රවී කරුණානායක මහතාගේ ස්ථාවරය සහ චෝදනාව වී තිබෙන අතර ඔහු කියා සිටින්නේ මේ කුඩම්මාගේ සැළකිලිවලින් අධෛර්යට පත් නොවී තමා තමාගේ දේශපාලන ගමන ඉදිරියටම යන බවය.
මේ භූතයින් දෙදෙනා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රාණ ඇපකරුවෙකු ලෙස තබා ගෙන ක්‍රියා කිරීමට උත්සහ දරන බව ද, මොවුන් දෙදෙනා සිටින තුරු පක්ෂයට සහ පාක්ෂිකයාට අනාගතයක් නොමැති බව ද රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.
එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම්වරයා වන රවී කරුණානායක මහතා එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායකයා ද, කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයෙකු සහ උතුරු කොළඹ ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ද ක්‍රියා කරමින් සිටියි.