අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මහා මැතිවරණයක් සඳහා ජන මත විචාරණයක්..?

“අත” හපා කන “පොහොට්ටු” කුමන්ත්‍රණය එළියට..!

ජනතාව ඉදිරියට යන්න ජනපති තීරණය කරයිද..? (උපුල් බණ්ඩාර) රටේ උද්ගත වී තිබෙන දේශපාලන අර්බුදය විසඳා ගැනීම සඳහා මහා මැතිවරණයක් අවශ්‍යද, නැද්ද යන කාරණය සම්බන්ධයෙන් ජන මත විචාරණයක් පවත්වා ජනතාවගේ මතය විමසා…

ජනතාව ඉදිරියට යන්න ජනපති තීරණය කරයිද..?

මහා මැතිවරණයක් සඳහා ජන මත විචාරණයක්..?

(උපුල් බණ්ඩාර)

රටේ උද්ගත වී තිබෙන දේශපාලන අර්බුදය විසඳා ගැනීම සඳහා මහා මැතිවරණයක් අවශ්‍යද, නැද්ද යන කාරණය සම්බන්ධයෙන් ජන මත විචාරණයක් පවත්වා ජනතාවගේ මතය විමසා බැලීම කෙරෙහි ජනාධිපතිවරයාගේ පාර්ශවයේ විශේෂ අවධානය යොමුව තිබේ.

පරමාධිපත්‍ය බලය සතු වන්නේ මහා ජනතාවට වන නිසා,රටේ උද්ගත වී තිබෙන දේශපාලන අර්බුදය සහ අස්ථාවරභාවය විසඳා ගනිමින් ස්ථිරසාර,බහුතරය සහිත සහ රටටත් ජනතාවටත් වග කියන ආණ්ඩුවක් තෝරා පත් කර ගැනීම සඳහා මහා මැතිවරණයක් අවශ්‍ය ද,නැද්ද යන කාරණය පිළිබඳව ජන මත විචාරණයක් මගින් එම ජනතාවගෙන්ම කරුණු විමසා සිටීම ස්වභාවික යුක්ති ධර්මයට,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වගේම දේශපාලන සම්ප්‍රදායට වඩාත් උචිත බවට නීති විශාරදයින් රැසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත උපදෙස් දී ඇත.

මේ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කරනු ලැබූ අති විශේෂ ගැසට් පත්‍රය අභියෝගයට ලක් කර එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන දේශපාලන සහ සිවිල් කණ්ඩායම් විසින්  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරනු ලැබ ඇති පෙත්සම් සලකා බලා එම අධිකරණය,පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවට තීන්දුවක් දුන්නොත්,සිය අවසන් පියවර ලෙස ජනාධිපතිවරයා ජන මත විචාරණයක් මගින් මහා මැතිවරණයක් සම්බන්ධයෙන් පරමාධිපත්‍ය හිමි මහා ජනතාවගේ මතය විමසා ඒ අනුව ක්‍රියා කිරීමට ඉඩ තිබෙන බව ඔහුට සමීප දේශපාලන විචාරකයෝ “lankanewsweek” සමග පැවසීය.

    මහා මැතිවරණයක් සඳහා ජන මත විචාරණයක්..?

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මහා මැතිවරණයක් සඳහා ජන මත විචාරණයක්..? | Lanka Newsweek