මහා මාර්ග ඇමතිකම ගැන ජනපතිට ප්‍රශ්නයක් නැහැ..!

ප්‍රශ්නය පොලිස්-මුදල්-විදේශ-ජාත්‍යන්තර වෙළඳ සහ අධිකරණ පමණයි..? (සුමුදු පෙරේරා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට උසස් අධ්‍යාපන සහ මහා මාර්ග අමාත්‍යංශයේ වැඩ පිළිවෙළ සහ ක්‍රියාමාර්ග සන්බන්ධයෙන් කිසිදු…
ප්‍රශ්නය පොලිස්-මුදල්-විදේශ-ජාත්‍යන්තර වෙළඳ සහ අධිකරණ පමණයි..?
(සුමුදු පෙරේරා)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට උසස් අධ්‍යාපන සහ මහා මාර්ග අමාත්‍යංශයේ වැඩ පිළිවෙළ සහ ක්‍රියාමාර්ග සන්බන්ධයෙන් කිසිදු ප්‍රශ්නයක් නොමැති බව ජනාධිපතිවරයාට සමීප ප්‍රබල නිලධාරියකු “lankanewsweek” සමග පැවසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ප්‍රධාන වශයෙන් ප්‍රශ්නය වී තිබෙන්නේ නීතිය සහ සාමය,උපාය මාර්ගික සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළඳ,මුදල් සහ ක්‍රම සම්පාදන,විදේශ කටයුතු වගේම අධිකරණ යන අමාත්‍යංශවල වැඩ පිළිවෙළ පිළිබඳව යැයි ද ඔහු තහවුරු කළේය.
ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උසස් අධ්‍යාපන සහ මහා මාර්ග අමත්‍යංශය තමා යටතට පවරා ගැනීමට යන බවට සහ ඔහුට එම අමාත්‍යංශයේ වැඩ පිළිවෙළ පිළිබඳව ප්‍රශ්නයක් තිබෙන බවට කරන ප්‍රචාරයන්හී කිසිදු සත්‍යතාවක් නොමැති බව ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.