මහා බැංකු සේවකයින් සිය වැටුප් වැඩි කර ගැනීම අතිශය අසාධාරණයි

ජනාධිපතිවරණය ඔක්තෝබරයේ-නිර්පාක්ෂික අපේක්ෂකයා රනිල් මූල්‍ය ආයතනවල කඩා වැටීමට ප්‍රධාන හේතුව මහා බැංකු නිලධාරීන් -රවී කරුණානායක අවධාරණය කරයි- 2024 ඔක්තෝබර් මාසයේ දී ජනාධිපතිවරණය පැවැත් වෙන අතර ඒ සඳහා…
ජනාධිපතිවරණය ඔක්තෝබරයේ-නිර්පාක්ෂික අපේක්ෂකයා රනිල්
මූල්‍ය ආයතනවල කඩා වැටීමට ප්‍රධාන හේතුව මහා බැංකු නිලධාරීන්
-රවී කරුණානායක අවධාරණය කරයි-
2024 ඔක්තෝබර් මාසයේ දී ජනාධිපතිවරණය පැවැත් වෙන අතර ඒ සඳහා නිර්පාක්ෂික අපේක්ෂකයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බව කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
සියලු දෙනාටම වියදම් සීමා කර මූල්‍ය පාලනයක් ඇති කර ගන්නා ලෙස රජය අවධාරණය කර ඇති පසුබිමක ශ්‍රී ලංකා මහ බැංකුව ඒ කිසිත් නොතකා ඔවුන්ගේ වැටුප් වැඩි කර ගැනීමේ කිසිදු සාධාරණයක් නොමැති බවද රවී කරුණානායක මහතා අවධාරණය කළේය.
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ දී පැවති විශේෂ ජනමාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.
දැන්වීම
රට කඩා වැටීමට අදාළව නිලධාරීන් වෙතද වගකීමක් ඇති බව පෙන්වා දුන් හිටපු මුදල් අමාත්‍යවරයා රට ඉදිරියට ගෙන යාමට නම් නිලධාරීන් ද සැළසුම් සහගතව මීට වඩා මැදිහත්වීමක් කළ යුතු බවත් මේ මොහොතේ නම් එවැනි තත්ත්වයක් පෙන්නුම් නොකරන බවත් සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙසේද පැවසීය .
රට මීට මාස 22 කට පෙර තිබූ තත්ත්වය අනුව සළකා බැලීමේදී යම් ස්ථාවරත්වයකට පැමිණ තිබෙනවා. නමුත් තව සිදුකළ යුතු දේ බොහෝ තිබෙනවා . කඩාවැටුණු රට යම් කළමනාකරණයකට ලක්කර ගැනීමට එක පුද්ගලයෙන් ඉදිරිපත් වුනා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. ඔහු බාරගත් වගකීම ඉටුකරන්න සමත් වූ බව කවුරුත් පිළිගත යුතුයි.
එදා රටේ වගකීම ගන්න කෙනෙක් හිටියේ නෑ. බයේ හැංගිලා හිටියේ. ඒ හැංගිහැංගිලා හිටපු අය අද ඇවිත් විහිලු කතා කියනවා. ඔය විහිලු කතා අහන්න කාලය මිඩංගු කිරීමත් අපරාධයක්. රට තිබුණ තත්ත්වය වගේම මේ ගෙන යන වැඩ පිළිවෙළ කඩාකප්පල් වුවහොත් පත්වෙන අවධානම ජනතාව තේරුම් ගන්න ඕන. මේ වැඩේදී ෂොර්ට් කට් නෑ .
එක එක අය විවිධ ප්‍රකාශ කරනවා. මාධ්‍ය ජාල විවිධ ලෙස ඒවා වාර්තා කරනවා. නමුත් ජනතාව පීඩාවට පත්නොවන ආකාරයට රට ගොඩගැනීම ගැනයි අවධානය යොමුකරන්න අවශ්‍ය. ඒක සියලු දෙනා එකතුව කළ යුතුයි. විහිලු කාරයන් විවිධ කතා කිව්වත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළැඹෙන ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙනවා. එතුමා ජයග්‍රහණය කරවීමට අපි සියලු දෙනා කැප වෙනවා.
ඒ වගේම තමයි ජනතාව දැනගන්න ඕන , රටේ පසුගිය සමයේ සිදුවූ කඩා වැටීමට රාජ්‍ය නිලධාරීන් ද වගකිවයුතු බව. ඒ නිසා ඔවුන් ජනතාව ගේ පැත්තෙන් සිතා තීන්දු තීරණ ගන්න අවශ්‍යයි.
මේ රටේ ආර්ථික ප්‍රශ්නවලට මුලික ප්‍රශ්න ඇති කරන්නෙ මහා බැංකුව කියලා මම කලින්ම කිවුවා. මුල්‍ය ආයතන කඩා වැටිලා තියෙන්නෙ ඔවුන් නිවරදිව වැඩ නොකළ නිසයි. දැන් බලන්න, සියලු දෙනාටම රජය කියනවා මුල්‍ය පාලනයක් කරන්න, වියදම් සීමා කරගන්න කියලා. නමුත් මහා බැංකුව ඔවුන්ගේ වැටුප් වැඩි කර ගන්නවා. එය ඉතාම අසාධාරණයි.
මගේ කාලෙත් ඔහොම විවිධ යෝජනා ආවා. විවිධ දේ ගැන සාකච්ඡා කළා. නමුත් අපි එදා අවස්ථාව දුන්නේ සාධාරණ යෝජනා සඳහා පමණයි. මේ රට බංකොලොත් කියලා කිවුවේ ව්‍යාපාරිකයන් නෙමෙයි. මහා බැංකුව රට බංකොලොත් කිව්වේ අඩුමගානේ පාර්ලිමේන්තුවේ අවසරයවත් නොමැතිවයි.
ඒ වගේම තමයි, පේයි ටැක්ස් එකෙන් 35% වඩා අරන් නෑ. ඒ කියන්නේ ඒ බදුවලින් කිසිම වාසියක් වෙලා නෑ. මම ඒකයි කියන්නේ නිලධාරීන් මීට වඩා දෙයක් කරන්න ඕන. එදිනෙදා වැඩ ටික අත ගගා ඉඳලා තේරුමක් නෑ. ඔවුන් මීට වඩා සැළසුම් සහගතව, කාර්‍යක්ෂම ලෙස ක්‍රියා කළ යුතුයි. නමුත් දැනට නම් එවැනි තත්ත්වයක් පේන්න නෑ. ඒ වගේම විදුලි බිල අඩු කරන්න පුලුවන් කියලා දැන් කියනවා. එම නිසා 20% අඩු කරන්න පුලුවන්නම් වඩා හොදයි.
මුල්‍ය විනයක් ඇති නොවිමේ ප්‍රති විපාක තමයි IMF එකට 16 වතාවක් අපිට යන්න වුණේ. ඒ නිසා මේ ආර්ථිකය තිබෙන තැනින් ඉදිරියට ගොඩනැගීම සඳහා ආර්ථික නවන්න නම් දීර්ඝ කාලින වැඩ පිළිවෙළක් අවශ්‍යයි. මෙරට නිෂ්පාදනය වර්ධනය කළ යුතුයි. ඒ එක්කම මේ බදු ක්‍රමය සහා රුපියල පාවිම නිසා ආනයනය කරලා වෙලදාම් කිරිම ලබදායි වෙලා තියනවා.
ඩොලරය ස්ථාවර වෙලා තියෙන්නෙ. නමුත් අපි තවමත් විශාල ණය ගෙවීම් සිදු කිරීම ආරම්භ කර නෑ. ඒ නිසා මේ කාලයේදි අපි ඩොලර් ඉතුරු කර ගන්න උත්සහා කළ යුතුයි. අපේ අපනයන ඩොලර් බිලියන 20 පමණ වැඩි කර ගත යුතුයි.
වැඩ කරන රජයේ නිලධාරීන් මුදල් අමාත්‍යාංශය මෙක දැන ගත යුතුයි. හැබැයි දැනගෙන ඔටුවො වගේ ඉඳලා වැඩක් නෑ. ඒ සදහා වැඩ කරන්න අවශ්‍යයි. ඒ වගේම බලන්න, ගෝඨාභය ශක්තිමත් කරන්න ගිය අය දැන් විපක්ෂ නායක ශක්තිමත් කරන්න යනවා. එදා ෆීල්ඩ් මාර්ෂල් නැතුව මුකුත් කරන්න බෑ කියපු අය, දැන් එලව එලවා පහර දෙනවා.
මේ තත්ත්වය හමුවේ රටට ඔබින වැඩ පිළිවළක් සහ එකට හිතන්න පුලුවන් කණ්ඩායමක් එකතු කර ගන්න අවශ්‍යයි. මේ මොහොතේ එවැන්නක් සිදු වෙමින් තිබෙනවා. ඒ තත්ත්වය හමුවේ විපක්ෂය මැතිවරණයක් නෑ කියමින් පොඩි ජොලියක් ගන්නවා. නමුත් ජනාධිපතිවරණය තියෙනවා වගේම එහි නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරනවා.