අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මහා බැංකුව සිය වැටුප් වැඩි කර ගැනීම ගැන සොයන්න ජනපතිගෙන් කමිටුවක්

මහා බැංකුව සිය වැටුප් වැඩි කර ගැනීම ගැන සොයන්න ජනපතිගෙන් කමිටුවක්

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ නිර්දේශ මත පදනම්ව ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් වැඩිවීම සමාලෝචනය කිරීම සඳහා මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ නිර්දේශ මත පදනම්ව ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් වැඩිවීම සමාලෝචනය කිරීම සඳහා මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ස්වාධීන පාරිශ්‍රමික කමිටුවක් පත් කර තිබේ.

රජයේ මුදල් කාරක සභාව හා ශ්‍රී ලංකා මහ බැංකුව අතර සිදු වූ සියලු ලිපි ගණුදෙනු මත පදනම්ව, ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වයට හානියක් නොවන පරිදි ගැටළුවට සාධාරණ විසඳුමක් සහිතව සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ 2024-2026 වැටුප් සංශෝධනය ශීර්ෂය සහිත 2024-03-16 දිනැති ශ්‍රී ලංකා මහ බැංකුවේ ලිපියට විශේෂ අවධානයක් යොමු කරමින් සාකච්ඡාවට තුඩු දී ඇති වැටුප් වැඩි කිරීම සලකා බැලීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව පත් කර තිබේ.

දිනේෂ් ස්ටීවන් වීරක්කොඩි, අර්ජුන හේරත්, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, සුධර්මා කරුණාරත්න, ඇන්තනී නිහාල් ෆොන්සේකා, අනුෂ්ක එස්. විජේසිංහ, දුමින්ද හුලංගමුව යන මහත්ම මහත්මීන් මෙම කමිටුවේ සාමාජිකයන් ලෙස පත් කර ඇත.

දැන්වීම

ශ්‍රී ලංකා මහබැංකුවට අදාළ මෙන්ම විශේෂිත කාර්ය මණ්ඩලවල ප්‍රවීනත්වය ප්‍රමුඛ කර සියළු කාර්ය මණ්ඩල ශ්‍රේණිවල පාරිශ්‍රමික සාධාරණ ලෙස ගැලපුම් කිරීම මෙම කමිටුව විසින් කරනු ඇති බවට රජයේ මුදල් කාරක සභාව අපේක්ෂා කරයි.

වෘත්තීය කාර්ය මණ්ඩලයට වැටුප් තීරණය කිරීමේ ක්‍රමවේදය වෘත්තීය නොවන සහ සෙසු කාර්ය මණ්ඩලයෙන් වෙන් කළ යතු බවට ද දැඩි ලෙස නිර්දේශ කර තිබේ.

අනුගත සංශෝධනවලදී ශ්‍රී ලංකා මහ බැංකු කාර්ය මණ්ඩල පාරිශ්‍රමික, විනිවිදයනසුළු ක්‍රමවේදයකට අනුව සිදු කිරීම මෙම කමිටුව විසින් කළ යුතු බවට රජයේ මුදල් කාරක සභාව ද නිර්දේශ කරයි.

ඒ පිළිබඳ වාර්තාව සති 4ක් ඇතුළත රජයේ මුදල් කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙසත්, ලැබී ඇති කරුණු මත අන්‍යෝන්‍යව පිළිගත් විසඳුමක් ලැබෙන තුරු වැටුප් වැඩිවීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කල්දමන ලෙසත් රජයේ මුදල් කාරක සභාව නිර්දේශ කරයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මහා බැංකුව සිය වැටුප් වැඩි කර ගැනීම ගැන සොයන්න ජනපතිගෙන් කමිටුවක් | Lanka Newsweek