මහා ජන සේවයට ප්‍රමුඛත්වය ලබා දෙන ආයතනවලට කරූගේ ප්‍රණාමය..!

2024 අප්‍රේල් මස 12 වැනිදා රජයේ නිවාඩු දිනයක් වුවද මෙරට ජනතාවට එවා ඇති අවුරුදු තෑගි නොපමාව ලබා දීමට තැපැල් දෙපාර්තමේන්තුවේ සෑම තරාතිරමකම නිලධාරීන් සිය වගකීම් නොපිරිහෙලා ඉටු කිරීම අගය කළ යුතු යැයි…
2024 අප්‍රේල් මස 12 වැනිදා රජයේ නිවාඩු දිනයක් වුවද මෙරට ජනතාවට එවා ඇති අවුරුදු තෑගි නොපමාව ලබා දීමට තැපැල් දෙපාර්තමේන්තුවේ සෑම තරාතිරමකම නිලධාරීන් සිය වගකීම් නොපිරිහෙලා ඉටු කිරීම අගය කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින අතර එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
2024 අප්‍රේල් මස 12 වැනිදා රජයේ නිවාඩු දිනයක් වුවද මෙරට ජනතාවට එවා ඇති අවුරුදු තෑගි නොපමාව ලබා දීමට තැපැල් දෙපාර්තමේන්තුවේ සෑම තරාතිරමකම නිළධාරීන් තම වගකීම් නොපිරිහෙලා ඉටු කිරීමට කටයුතු කරමින් සිටින බව මාධ්‍ය වාර්තා කර තිබිණ. එම තත්ත්වය ඉතාමත් අගය කළ යුතු තත්ත්වයකි. එමෙන්ම ඊට ශ්‍රී ලංකා රේගු දෙපාර්ත්මේන්තුව ද සහය දක්වා තිබීම ඉතා අගනේය.
මෙම ආයතන දෙක ගෙන ඇති පියවර මහජන සේවා සපයන අනෙකුත් ආයතනවලට ද මහඟු ආදර්ශයක් සේ සලකමු. විශේෂයෙන්ම මෙවැනි උත්සව සමයක ගමනාගමන, සෞඛ්‍ය සහ අත්‍යාවශ්‍ය පාරිභෝගික සේවා සපයන ආයතනයන්හි කැපවීම ඉතා වැදගත් කොට සැලකිය යුතුය.
දැන්වීම
ඒ අනුව සැලකීමේදී මෙවැනි පියවර අවසාන වශයෙන් රටේ මහජන සුබසෙත උදෙසා වනු ඇති බව අපගේ විශ්වාසයයි. ඒ සඳහා කැප වන සියල්ලන් වෙත අපගේ ස්තුතිය පිරිනමන්නෙමු.
එමෙන්ම ලබන්නා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සමස්ත ශ්‍රී ලංකා සහෝදර සහෝදරියන්ට සහ දූ දරුවනට යහපතම උදාකරන්නා වූ වාසනාවන්ත කාලයක් ම වේවා යයි ඉතසිතින් සුභාශිංසනය කරන්නෙමු.