අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මහා ජන මුදල් නාස්තිය ගැන විපක්ෂනායකගෙන් ජනපතිට චෝදනාවක්

මහා ජන මුදල් නාස්තිය ගැන විපක්ෂනායකගෙන් ජනපතිට චෝදනාවක්

රනිල් ඇමරිකා යද්දී රට බංකොලොත් කළ පොහොට්ටුවන් රැගෙන යාම සජිත් හෙළා දකියි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට යද්දි රට බංකොලොත් කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කණ්ඩායමක්…

රනිල් ඇමරිකා යද්දී රට බංකොලොත් කළ පොහොට්ටුවන් රැගෙන යාම සජිත් හෙළා දකියි 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට යද්දි රට බංකොලොත් කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කණ්ඩායමක් ද කැඳවා ගෙන ගොස් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී බ්‍රහස්පතින්දා ( 21)  පැවසීය.

ජනාධිපතිවරයා මෙසේ කටයුතු කරන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අය සතුටු කිරීමට බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ ජනතාවගේ බදු මුදල් මේ ආකාරයට නාස්ති කිරීම තරයේ හෙළා දකින්නේ යැයි ද කියා සිටියේය. 

"අදාළ සංචාරයට අත්‍යවශ්‍ය රාජ්‍ය නිලධාරීන් රැගෙන ගියාට ප්‍රශ්නයක් නැහැ. රට බංකොලොත් කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දුෂිතයින් රැගෙන ගියේ කුමකටද..? ජනාධිපතිවරයා ජනතා මුදල් මෙසේ නාස්ති කරන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අය සතුටු කරන්නයි.ජනතාවගේ බදු සල්ලි මේ ආකාරයට නාස්ති කරන්න එපා." යනුවෙන් ද සජිත් ප්‍රේමදාස මහතා එහිදී වැඩි දුරටත් කියා සිටියේය.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මහා ජන මුදල් නාස්තිය ගැන විපක්ෂනායකගෙන් ජනපතිට චෝදනාවක් | Lanka Newsweek