මහමැතිවරණය ජය ගැනීමෙන් පසු රට ගොඩගන්නවා

ජනපතිවරණයේදී ලද පරාජය සම්බන්ධයෙන් පසු විපරම් සිදු කරමින් මහ මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා මඟ පාදා ගන්නා බව හිටපු විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. හිටපු විපක්ෂ නායකවරයා මේ…
ජනපතිවරණයේදී ලද පරාජය සම්බන්ධයෙන් පසු විපරම් සිදු කරමින් මහ මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා මඟ පාදා ගන්නා බව හිටපු විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
හිටපු විපක්ෂ නායකවරයා මේ බව පැවැසුවේ (19) වැනිදා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවති මාධය හමුවේදීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු විපක්ෂ නායකවරයා මෙලෙස ද කීවේය.
“මහමැතිවරණය ජය ගැනීමෙන් පසු රට ගොඩනැඟීමට අවශ්‍ය වැඩපිළිවෙළ ජයග්‍රහණය කරවීමට ජනපතිවරයා සමඟ අත්වැල් බැඳ ගනිමින් කටයුතු කරනවා.
දැන්වීම
රට ගොඩනඟන දර්ශනය, වැඩපිළිවෙළ සහ එය ක්‍රියාත්මක කිරීමට හැකි හොඳම කණ්ඩායම ඉන්නේ අප සතුව. ජනපතිවරණයේදී මෙන්ම මහමැතිවරණයේදීත් එම කණ්ඩායම කිසිදු වෙනසකින් තොරව අප සමඟ අත්වැල් බැඳගෙන සිටිනවා. රටේ උන්නතිය සහ අභිවෘද්ධියට මිලියන 220ක් වූ ජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ වන ආකාරයේ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න සම්පූර්ණ නායකත්වය දෙනවා. රටට නායකත්වය දෙමින් රට ගොඩනඟන්න අවශ්‍ය යහපත් ධනාත්මක සහ හරාත්මක ප්‍රගතිශීලී තීන්දු තීරණ ගැනීමට හැම විටම අප සැදී පැහැදී සිටිනවා.
අපේ දර්ශනය සහ වැඩපිළිවෙළ දැනටමත් රටට ඉදිරිපත් කර තිබෙනවා. එය ශක්තිමත්ව ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ජනතා ආශීර්වාදය ලැබේ යැයි විශ්වාස කරනවා. ජයග්‍රහණය භාරගැනීමට ඕන තරම් අය ඉන්නවා. ඒත් පරාජයේ වගකීම භාර ගන්න එහෙම ඉදිරිපත් වෙන්නේ නෑ. ජනපතිවරණ පරාජයේ සහ පසුබෑමේ වගකීම මම භාර ගන්නවා. ඒ සම්බන්ධව පසු විපරම් කරමින් අඩුපාඩු හදා ගනිමින් අපි මේ වෙලාවේ පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දෙනවා. මහමැතිවරණය ජයගෙන ජනපති සමඟ අත්වැල් බැඳගෙන රට ගොඩනැඟීමට අවශ්‍ය වැඩපිළිවෙළ සහ ප්‍රතිපත්ති මාලාව ජයග්‍රහණය කරවන්න අතහිත දෙනවා. හොඳ දේ ඉදිරියට ගෙන යන්න සහාය දෙනවා වගේම අඩුපාඩු පෙන්වා දෙමින් ඒවා ඉවත් කරන්නත් කටයුතු කරනවා.”