අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මහනුවර ,යටිනුවර ගොඩනැගිල්ලක ගින්නක්..!

මහනුවර ,යටිනුවර ගොඩනැගිල්ලක ගින්නක්..!

මහනුවර, යටිනුවර විදීයේ පිහිටි සිව් මහල් ගොඩනැගිල්ලක තෙවන සහ සිව් වන මහල්වල අද (8)උදෑසන 7,15 ට පමණ ගින්නක් හටගෙන ඇත. මෙම ගොඩනැගිල්ලේ එක් මහලක දරුවන් තිදෙනෙකු සමග තම ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය යුවලක්…

මහනුවර, යටිනුවර විදීයේ  පිහිටි සිව් මහල් ගොඩනැගිල්ලක තෙවන සහ සිව් වන මහල්වල අද (8)උදෑසන 7,15 ට පමණ ගින්නක් හටගෙන ඇත.

මෙම ගොඩනැගිල්ලේ එක් මහලක දරුවන් තිදෙනෙකු සමග තම  ව්‍යාපාරයක්  පවත්වාගෙන ගිය යුවලක් පදිංචිවී සිටි අතර ඔවුන් ද මෙම ගින්නට අනපේක්ෂිත ලෙස කොටුවී  ඇත.

මෙම අවස්ථාවේදී වහා ක්‍රියාත්මකවූ පියා  පහළ රැස් වී සිටි ජනතාවගේද සහය ඇතිව සිය දරුවන් තිදෙනා  සහ බිරිය ආරක්ෂිතව  ඉහළ මහලේ සිට  පහළට මුදා හැර ඇත.

එහිදී හිසට සිදුවූ තුවාල හේතුවෙන් මේ පුද්ගලයා මහනුවර රෝහලට ඇතුළත් කර තිබේ.

පසුව මහනුවර පොලිසියේ ජිවිත ආරක්ෂක කණ්ඩායම, නාගරික ගිනි නිවිමේ ඒකකය මෙන්ම , යුද හමුදා නිලධාරින් ද ඇතුළු ගිනි නිවීමේ රථ හතරක්  පැමිණ ගින්න නිවා දමා තිබේ.

මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මහනුවර ,යටිනුවර ගොඩනැගිල්ලක ගින්නක්..! | Lanka Newsweek