අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මහනුවර පුරවැසියෙකුගේ හෘද සාක්ෂිය

මහනුවර පුරවැසියෙකුගේ හෘද සාක්ෂිය

දවස් ගානක් ෆෝන් චාජ් කරගන්න බැරිව හිටිය රටේ රාළගේ නුවර යාලුවෙක් ඊයේ (02) කතා කළා.ආ ගිය තොරතුරු කතා කළාට පස්සේ යාලුවා සිද්ධවුන විපත ගැන එයාගේ අදහස කිව්වා. එයාට නුවර පැත්ත සම්බන්ධව හොඳ අවබෝධයක් තියන…

දවස් ගානක් ෆෝන් චාජ් කරගන්න බැරිව හිටිය රටේ රාළගේ නුවර යාලුවෙක් ඊයේ (02) කතා කළා.ආ ගිය තොරතුරු කතා කළාට පස්සේ යාලුවා සිද්ධවුන විපත ගැන එයාගේ අදහස කිව්වා. එයාට නුවර පැත්ත සම්බන්ධව හොඳ අවබෝධයක් තියන කෙනෙක්.ඇත්තටම මොකද්ද උනේ කියලා හොයන අයට දැන ගන්නත් එක්ක එයා කියපු කතාවේ එක අකුරක් වෙනස් නොකර පලකරන්න රටේ රාළ තීරණය කළා.

ප්‍රියන්ජිත් සහෝදරයා,

" 1947 දී තමයි ගැටඹ පන්සලේ බෝධිය මීට කලින් ගංවතුරට යටවෙලා තියෙන්නේ.ගැටඹේ පන්සලේ බෝධිය තියෙන්නේ මහවැලි ගඟට වඩා අඩි 80ක් විතර උඩින්.බෝධියත් යටවෙලා. බෝධියෙන් උඩ කොළඹ - නුවර පාරත් යටවුනා.පාරෙන් එහා පැත්තේ පන්සලේ බිම් මහලේ භාගයකුත් යටවුනා.ඒ තරම් ලොකු වතුර පාරක් මම දැකලත් නෑ,කලින් අහලත් නෑ.ඒ තරමට වතුර නැග්ගා.වෙනදා කරන්නේ ඉහල කොත්මලේ සහ පහල කොත්මලේ ජලාශ හිස්කරනවා කල් ඇතිව.

දැන්වීම

12 වෙනිදා කාලගුණ එකෙන් අවධානම ගැන කිව්වම,කදුකරයට මිලිමිටර් 200ට වැඩිය වහිනවා කිව්වම කරන්නේ රජය මැදිහත්වෙලා ඒ කියන්නේ වාරිමාර්ග එක මැදිහත්වෙලා මහ ජලාශ ඔක්කොම 20%ට ,30% ට බස්සනවා.එතකොට අලුතෙන් වහින වතුරෙන් ජලාශය පිරෙන්න සෑහෙන වෙලාවක් යනවා.මේපාර එහෙම වතුර බින්දුවක්වත් අඩු කරලා නෑ.

මුන් කළේ එකපාරට මේ මහා ජල කදක් වැස්සෙන් එකතු වෙනකොට අර ජලාශවල කට ඇරියා.ඒ කියන්නේ යට තියෙනවනේ මඩ සොරොව්,මඩ සොරොව් තියෙන්නේ ජලාශය පතුලේමයි.ජලාශය කඩාගෙන යයි කියලා මුන් මඩ සොරොව් ලයින් එකෙන්ම ඇරලා තියනවා.එතකොට ඒ එන වතුර කන්දරාවයි,වැස්සෙන් එන වතුර කන්දරාවයි ඩබල් වෙලා ගඟට එනවා.ඊට පස්සේ ඉතින් ගඟට ඔරොත්තු දෙන්නේ නෑ.

දැන් මිනිස්සු මේක දන්නවා.මිනිස්සුන්ට යකා නැගලා ඉන්නේ.පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඇග්රි ෆැකිලිටිය කවදාවත් යටවුනේ නෑ.ඇග්රි ෆැකිලිටියේ බිම්මහල් ඔක්කොම යටවුනා,ඊළඟට පේරාදෙණියේ වලත් යටවුනා.ඒ කියන්නේ ගලහා පාරෙන් යට කැම්පස් එකට තියන මුළු ඒරියා එකම යටවුනා.අයිවර්ජෙනින්ස්ලා පේරාදෙණිය කැම්පස් එක හදන්නෙම පනස් ගණන්වල කදුකරයේ සුදුසුම භූමිය විදිහට ඔතන තෝරාගෙන.

අන්තිමේදී මහවැලි ගඟේ ජලය ගඟට ඔරොත්තු දෙන්නේ නැතිව එහේට එනකං ගියා.ඒ කියන්නේ අරහෙන් ජලාශ ඇරියට පස්සේ තමයි කෙලිය ආවේ.නැත්තං වෙනදා වගේ ජලය අඩු කලා නං ඒ ටික කල් ඇතිව වැස්ස එන්න ඉස්සෙල්ලා ගඟ දිගේ ගලලා ඉවර වෙනවා.එතකොට ඊළඟට එන ටික ගඟට ඔරොත්තු දෙනවා.පැනිදෙනිය පැත්තෙන් එන රේල් පාලම තියෙන්නේ මහවැලි ගඟට වඩා අඩි 60ක් විතර උඩින්.

ඉතින් පාලම ඇද වුණානේ.පාලම දැන් සම්පුර්ණයෙන් ඇදවෙලා තියෙන්නේ.රේල් පීලී ඇදවෙලා.එතකොට වතුර පාරේ සැර කොහොමද කියලා හිතන්නකෝ.ඒ කියන්නේ ගඟේ ධාරිතාව වගේ තුන් ගුණයක වතුර කදක්.එතකොට ගඟට අල්ලන්නේ එක ගුණයයි.ඉතුරු දෙගොඩම ගඟ වටේට ගඟට උඩින් හතර වටේ ගැහුවා.ඒක තමයි ඔය වුනේ?මේ ජල කළමනාකරණය නැතිකමේ අවුල.

මුන්ට බැරිකමේම අවුල.මම දැක්කා Facebook එකේ දාලා තියනවා 12 වෙනිදා මේක ප්‍රකාශ කරපු දවසේ ඉඳන් ජනාධිපතිගේ කාලසටහන.27 තමයි එයා වහිනවා කියලා දන්නේ.ඇත්තටම අර ජලය අඩු කරා නමි ඔය පේරාදෙණිය,ගම්පොල වගේ පැතිවල සිද්ධවුන මහා විනාශයෙන් සෑහෙන ප්‍රමාණයක් වළක්වා ගන්න තිබුණා.ගඟෙන් වෙච්චි හානි එහෙනං සෑහෙන දුරට බේරගන්න තිබුණා. වැඩේ කල් ඇතිව කළා නං.

දැන් මෙතන උනේ ගඟ දැන් විශාල වශයෙන් පිටාර ගලනවා.එතකොට ගඟට හැම තැනින්ම එකතුවෙන අතු ඟඟා එකක්වත් ගඟට සෙට් වෙන්නේ නෑ.ඒ කියන්නේ ඒ වතුරට ගඟට ඇතුල් වෙන්න බෑ.ඊට පස්සේ වෙන්නේ ඒ අතු ගංගා ආපහු මුලට යනකම් පිරෙනවා.එතකොට තමයි පැලුම් ඇතුලට වතුර බැහැලා දෙපැත්තම ගලවගෙන යන්නේ.අතු ගංගා වැඩි හරියක් ආපිට ගැලුවා. උදාහරණයක් ගත්තොත් පොල්ගොල්ලේ ඉඳලා අකුරණ කෙළවරට යනකං තියෙන්නේ පිඟා ඔය.

ඒක මහවැලියේ අතු ගංගාවක්.එතකොට ඒක අකුරණ ටවුමෙන්.කටුගස්තොටින් දාලා යන්නේ මාතලේ පැත්තට.පිඟා ඔයයෙන් මහවැලියට වතුර එන්නේ නෑ.මෙහෙන් බ්ලොක් වෙලානේ තියෙන්නේ. එතකොට එක පිරිලා අඔතැන්න,අකුරණ පැති ඔක්කොම උපරිම යටවෙනවා.ඉතින් කඳූකරයේ නම් මට හිතාගන්න බෑ ජනාවාසකරණය කොහොමද කරන්නේ කියලා."

ඒ තමයි නුවර පුරවැසියෙක්ගේ හෘද සාක්ෂිය.රටේ රාළ කියන්නේ ඔයාලටත් පුළුවන් වෙයි එයාගේ හෘද සාක්ෂිය කියවාගෙන මේ අපරාධයේ චූදිතයන් නම් කරගන්න.

- රටේ රාළ -

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න