මහනුවර කෘෂි විද්‍යාලය තාවකාලිකව වසා දැමේ
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්‍රසේන) උණ රෝගයක් හේතුවෙන් මහනුවර – කුණ්ඩසාලේ පිහිටි ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය අද (21) දින නියමකින් තොරව වසා දමා තිබේ. ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයේ අධක්ෂක අමල් අරුණප්‍රිය මහතා…
(නිලන්ති චන්ද්‍රසේන)
උණ රෝගයක් හේතුවෙන් මහනුවර – කුණ්ඩසාලේ පිහිටි ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය අද (21) දින නියමකින් තොරව වසා දමා තිබේ.
ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයේ අධක්ෂක අමල් අරුණප්‍රිය මහතා සඳහන් කරන්නේ , විද්‍යාලයේ සිසුන් අතර පවත්නා උණ රෝගය පැතිර යාම වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි.
මෙහි සිසුන් 250කට අධික පිරිසක් ඉගෙනුම ලබන අතර සිසුන් 11 දෙනෙකු රෝගී වී ඇති අතර එම පිරිස මැණික්හින්න රෝහලට ඇතුළත් කළ පසු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත බව වාර්තා වේ.
අදාළ සිසුන්ට උණ සමග වමනය, පාචනය ඇතුලු රෝග ලක්ෂණ ද පෙන්නුම් කිරීම හේතුවෙන් රෝහල් අධිකාරිය නිර්දේශ කර ඇත්තේ රෝගය පැතිරයාම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා කෘෂිකෘර්ම විද්‍යාලය තාවකාලිකව වසා දමන ලෙසයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1